භූ කම්පනයෙන් ඇෆ්ගනිස්ථානයේ මිය ගිය සංඛ්‍යාව 600 සීමාව ඉක්මවයි : 1,300කට වැඩි පිරිසකට තුවාල

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඇෆ්ගනිස්ථානයේ සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 600 සීමාව ඉක්මවා ගොස් තිබෙන බවත් , තවත් පුද්ගලයින් 1,300කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් , තලෙයිබාන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පවසයි.

ඇෆ්ගන් බලධාරීන් සැක පළ කරන්නේ, භූමි කම්පාව හේතුවෙන් නිවාස රැසක් සුන් බුන් බවට පත්ව තිබෙන අතර, තවත් සැලකිය යුතු පිරිසක් සුන්බුන් යට සිරවී සිටිනු ඇති බවය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, භූ කම්පනය සිදු වූ ප්‍රදේශයට ළඟා වීමට ඇති මාර්ගවල පවතින තත්ත්වය හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් සංකීර්ණ වී ඇති බවත්, අදාළ ප්‍රදේශවල සන්නිවේදන සබඳතාද බිඳ වැටී තිබූ බවයි.

පවතින තත්ත්වය සලකා තලෙයිබාන් පාලකයින් ජාත්‍යන්තර සංවිධානවලින් ආධාරද ඉල්ලා ඇතැයි සඳහන් වන අතර, විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඇෆ්ගනිස්ථාන වේලාවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ හටගත් මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපංකයේ ඒකක 6.0. භූ කම්පනය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ අගනුවර වන කාබුල් නුවර සිට පකිස්ථානයේ ස්ලාමාබාද් අගනුවර දක්වා ගොඩනැගිලි සෙලවීමට පත්ව ඇති බවයි.

තවද, ප්‍රධාන භූමි කම්පාවෙන් පසු රික්ටර් මාපාංක ඒකක 4.5 ත් 5.2 ත් අතර පසු කම්පන තුනක්ද සිදුව තිබූ බව විදෙස් මාධ්‍ය වාර්ත කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...