ප්‍රදේශ කිහිපයකටම නාය යාමේ රතු නිවේදන නිකුත් කෙරේ

Date:

පවතින අධික වර්ෂාපතනයත් සමග ප්‍රදේශ කිහිපයකට නාය යාමේ රතු අවදානම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට සහ ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා ද නාය යාමේ රතු අවදානම් නිවේදන නිකුත් කර ඇත.

එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල, නාගොඩ සහ බද්දේගම ප්‍රා.ලේ. කොට්ඨාස සඳහාත් කළුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට සහ බුලත්සිංහල ප්‍රා.ලේ. කොට්ඨාස සඳහාත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කහවත්ත, කලවාන සහ අයගම යන ප්‍රා.ලේ. කොට්ඨාස සඳහාත් දෙවැනි මට්ටමේ නාය යාමේ පූර්ව අනතුරු හැඟවීම් නිකුත් කිරීමට ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ ඇයි?

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ ඇයි?

ක්‍රිකට් ගැන වෙනසක් වෙනසක් සහිත ක්‍රිකට් ක්‍රීඩාවක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 02, කොළඹ LNW: විවිධ පාර්ශව හුදෙකලාව මේ...

රු. ලක්ෂ 100ක මූල්‍යමය පරිත්‍යාගයක් ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාවගෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : රට පත්වී තිබෙන...

ඝාතනයක් යැයි සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : බඩල්කුඹුර පොලිස වසමට...