*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

එංගලන්තෙ කොල්ලො නඩේ වෙනස් කළත්, ලංකාවේ කොල්ලො හැඩේ රැක ගනියි – ශෙවෝන්ගෙන් සුපිරි ශතකයක්

පළමු සිව් දින තරගය පරාජයට පත්වීමත් සමඟ දෙවන සිව් දින තරගයට සහභාගි වන අවුරුදු 19 න් පහළ එංගලන්ත කණ්ඩායමේ වෙනස්කම් අටක් සිඳු කළත් අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත ප්‍රථම ඉණිමේ ලකුණු පූවරුව හඹා යමින් තරගයේ තෙවන දිනය නිමා වන විට එංගලන්ත පළමු ඉණිමට වඩා ලකුණු 99 ක් ඉදිරියෙන් සිටින්නේ කඩුලු දෙකක්ද අතැතිවය.
එංගලන්තයට සිය පළමු ඉණිම හැරි සින්ග් (104) සහ මැතිව් හර්ට්ස් (116) ලැබූ ශතක නිසා ලකුණු 381 දක්වා රැඟෙන යන්නට හැකි විය.ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් දුවිඳු රණතුංග,සහන් මිහිර,වනුජ සහන් සහ රවින් ද සිල්වා කඩුලු 2 බැඟීන් ලබා ගත්තේය.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කරන්නට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු වගකීමට සදිශ රාජපක්ෂ වෙනුවට අභිෂේක් ලියනආරච්චි කැඳවා තිබිණි.ඔහු ලැබුණු අවස්ථාව හොඳින් ප්‍රයෝජනයට ගත්තත් අර්ධ ශතකය පෙනි පෙනී ලකුණු 49 ට අවාසනාවන්ත ලෙස දැවී ගියේය.අභිෂේක්, පළමු තරගයේ බලාපොරොත්තු වූ තරමේ දස්කම් නොදැක් වුව ද තව දුරටත් විශ්වාසය තබා තිබූ ශෙවොන් ඩැනියල් සමඟ දෙවන කඩුල්ලට දැවී යන විට ගොඩ නඟා තිබුණ සබඳතාවය ලකුණු 110 ක් විය.ශෙවෝන් සියල්ලෙන් පරිපූර්ණ වූ අගනා ලකුණු 155 ක් ලැබූ අතර ඔහු පළමු කඩුල්ල ලකුණු 10 දි අහිමි වූ අවස්ථාවේ පිටියට පැමිණ දැවී යන විට ලකුණු පූවරුව 291 දක්වා ඉහළ දැමීමට දායක වි තිබිණි.අභිෂේක් සමඟ පැවත් වූ ශතක සබඳතාවයට අමතරව ඔහු පවන් පතිරාජ (55) සමඟ තෙවන කඩුල්ලට ද ලකුණු 160 ක සබඳතාවයක් ගොඩ නැඟීය.
සිව්වන කඩුල්ල ලෙස ලකුණු 291 දි එයින් ලකුණු 155 ක් ම එක් කර සුපිරි ශතකලාභී ශෙවෝන් ඉවත්ව ගිය පසු පිටියට පැමිණි නායක රවීන් ද සිල්වා වගකීම සිය උර මතට ගනිමින් කල්පනාකාරි වූ ලකුණු 65ක් සමඟ ඊයේ දිනය නිමාවේ ශ්‍රී ලංකා ලකුණු පූවරුව කඩුලු 8 ට ලකුණු 480 ක් වී තිබියදීත් නොදැවී සිටියේය.රවීන් රනුද සෝමරත්න (37) සමඟ පස්වන කඩුල්ලට ලකුණු 65 ක් එක් කළ අතර සිය නාලන්ද පාසල් කණ්ඩායමේ සඟයා වූ විනුජ රම්පෝල් (65) සමඟ හත්වන කඩුල්ලට ලකුණු 110 ක සබඳතාවයක් පවත්වන්නත් සමත් විය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan