*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

සම්භාහනය ගැන තවත් කතා ආසියානු කුසලානය ගේන්න ගිය නෙට්බෝලයටත් සම්භාහකයෙක් නැහැ

LNW සම්භාහනය සම්බන්ධයෙන් තැබූ සටහනත් සමඟ ක්‍රීඩා කේෂ්ත්‍රයට සම්බන්ධ බොහෝ දෙනෙක් ඇමතුම් ලබාගෙන පැවසුවේ ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය අවධානය යොමු කරන්නේම නැති බවය.ක්‍රීඩා අමාත්‍යංශයට පාත් වෙන චරිත වන අමාත්‍යවරු,ලේකම්වරු,ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරු ක්‍රීඩාවක නියැලෙන අයෙකුට සම්භාහනය අත්‍යවශ්‍යය බව නොතේරුණත්,එහිම ක්‍රීඩාව සම්බන්ධ පත්වීම්ලාභින් එය හොඳින් දන්නා බව අදහස් ප්‍රකාශ කළ අය පෙන්වා දුන්නේය.
“ඒත් ඒ මිනිස්සු ඒවා කියන්නෙ නැහැ,මොනව හරි ක්‍රමයකින් එයාල සංචාරයට ඇතුල් වෙන්න ක්‍රම හොයන එක තමයි කරන්නෙ”
කතා කළ බොහෝ දෙනෙක් එන එන අමාත්‍යවරුන්ට,ලේකම්වරුන්ට සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරුන්ට “ස්ර් තමයි මැඩම් තමයි මේකට ආව හරියනම කෙනා කියන පිරිස් සිටින බවත්,ඒ අයගේ ක්‍රීඩාව ඇත්ත අවශ්‍යයතා වෙනුවට ඉහළ නිලධාරීන්ට අවශ්‍යය දේ කරමින් තමන්ගේ අවශ්‍යයතා ඉටු කර ගැනීම බවත් පෙන්වා දුන්නේය.
පොදු රාජ්‍ය මණ්ඩලීය තරගවලට මසාජ් කරන කි දෙනෙක් දුන්නද දන්නවද? යනුවෙන් අපව ප්‍රශ්න කළ එක් අයෙක් පැවසුවේ වෛද්‍ය ඒකකයෙන් ගියේ දෙදෙනෙකු පමණක් බවය.ස්ථාන හතරක නවාතැන් ගත් කණ්ඩායම වෙනුවෙන් සම්බාහනයට ගිය දෙදෙනා විශාල මහන්සියක් දරා ඇති බව පැවසූ ඔහු, නමුත් ක්‍රීඩකයාට හොඳ නින්දක් අවශ්‍යය රාත්‍රී 12 ට පමණ වෙන තෙක්ම ප්‍රමාණය හිඟ නිසා සම්භාහකයාගේ සේවය ලබා ගැනීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවදියෙන් සිටින්නට සිඳු වි ඇති බව පෙන්වා දුන්නේය.
“ඒෂියන් චැම්පියන්ෂිප් එකට ගිය නෙට්බෝල් කණ්ඩායමට මසාජ් කරන්න එක්කෙනෙක්වත් දීලා නැහැ.”
ඒ අලුත්ම චෝදනාව ආසියානු කුසලානය රැකගෙන, රැඟෙන එන්නට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සම්භාහකයෙක් එක් කර නොමැති බවය.සොයා බැලීමේදී එම කාරණය සත්‍යය බව අනාවරණය වූ අතර ඒ ආකාරයට සූරතාවයක් සහිත කණ්ඩායමකට එය රැකගෙන රැඟෙන එන්නට යද්දී සම්භාහකයෙක් එක් නොකළේ ඇයි ද යන්න දැන ගැනීම සඳහා ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානියා සම්බන්ධ කරගන්න උත්සාහ කළත් දුරකතන මාර්ග අවහිරතා නිසා සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.
ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස වෛද්‍යවරයෙක් සිටියදී ඒ පැත්තෙන් හෝ මේ ඛේදණිය තත්ත්වය ගැන සැළකිල්ල යොමු කළ යුතුය.ජාතික මට්ටමේ කණ්ඩායමකට,ක්‍රීඩකයන්ට මෙන්ම සංචාරයකදී ප්‍රමාණවත් සම්භාහකයන් පිරිසක්,භෞත චිකිත්සකයන් සහ වෛද්‍යවරුන් සහභාගි වීම අනිවාර්ය කර සහ ඒ සම්බන්ධයෙන් යම් පිළිගත හැකි අනුපාතයක් නම් කර චක්‍රලේඛයක් තැනිම ඔහුගේ මැදිහත්වීමෙන් හෝ සිඳුවිය යුතුව ඇත.වෙනත් වෘත්තිකයෙක් මෙන් ආතක් පාතක් නොදන්නා කෙනෙක් නොවන වත්මන් ලේකම්වරයාට වෛද්‍ය විද්‍යාත්මකව ක්‍රීඩක ශරීරයේ මාංශ පේශීවල හැසිරීමට සම්භාහනයේ ඇති වටිනාකම ගැන අමුතුවෙන් කියා දෙන්නට අවශ්‍යය නොවන නිසා,අමාත්‍යවරයා ඔහු හා කතා කර හෝ හැමදාම තරග ප්‍රතිපලවලට යම් බලපෑමක් ඇති කරන සම්බාහනයේ අඩුව පියවීමට අවශ්‍යය පියවර ගත යුතුව ඇත.
එවැනි කාරණයකදී හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ හෝ වත්මන් අමාත්‍යවරයාට එරෙහිව නොයනු ඇතැයි සිතිය හැකිය. නැතිනම් බොහෝ දේ කිව ද අමාත්‍යවරයාට ඒ දේවල් ප්‍රායෝගිකව කරන්නට නොහැකි බව දැකිය හැකි අතර හොඳ ප්‍රතිපල පෙන්වන අයට අංචි අදින සහ නරක ප්‍රතිපල පෙන්වන අයව රකින අයෙක් ලෙස ක්‍රමයෙන් අමාත්‍යවරයා හංවඩු ගැසෙමින් රැකගෙන සිටි දේශපාලන පෞරුෂය ද විනාශ වෙමින් ඇත.
සම්භාහනය ගැන පළ වූ පෙර ලිපියට මෙතැනින් පිවිසෙන්න…

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan