තරුණයන්ගේ සටන ජය පැරදුමෙන් තොරයි

Date:

එංගලන්ත අවුරුදු 19 පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම අතර පැවති දෙවන සිව්දින තරගය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කීර්තිය පුළුල් කරමින් ජය පැරදුමෙන් තොරව නිමාවට පත් විය.තරගයේ තෙවන දිනය නිමා වන විටත් වැඩි වාසි අත් කර ගනිමින් ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් කඩුලු දෙකට තවත් ලකුණු 62 ක් එක් කර ගන්නට සමත් විය.හොඳ ඉණිමක් දියත් කරමින් ලකුණු 65 ක් නොදැවී ලබා සිටි නායක රවීන් ද සිල්වා ඊයේ දිනයේ එම ලකණු ප්‍රමාණයට තවත් ලකුණු 9 ක් එක් කරද්දී දැවී ගිය ද,ඔහු සමඟ නවවන කඩුල්ලට ලකුණු 44 ක සබඳතාවයකට දායක වූ දුවිඳු රණතුංග ප්‍රහාරාත්මක ලකුණු 54 ක් ලබා ගත්තේ අංක 10 පිතිකරුවෙක්ගෙන් නොදැකිය හැකි ආක්‍රමණික ප්‍රහාරයකින්ය.අවසාන පන්දු 7 තුළ ලකුණු 21 ඔහු එක් කර ගැනීමට සමත් වෙමින් ශ්‍රී ලංකා ලකුණු පූවරුව 542 දක්වා ඉහළට ඔසවා තැබුවේය.
තරගයේ ඉතිරිව තිබූ කාලය දෙපිළිටම තිරණයක් ගත හැකි කාලයක් නොවිණි.එංගලන්ත දෙවන ඉණිම ශ්‍රී ලංකාවට පසුපසින් සිටි 161 පසු කර ලකුණු 249 ක් දක්වා ගොස් නැවතිණි.ඒ වන විට කඩුලු 5 ක් ඔවුන්ට අහිමිව තිබුණි.එංගලන්ත ඒ ඉණිම වෙනුවෙන් නායක බෙන් මැකිනි ලකුණු 74 න් දායක වූ අතර ප්‍රථම තරගයේ ශතකයක් ලබා ගත් රොස් වයිට්ෆිල්ඩ් යළි ලකුණු අතරට එමින් ලකුනු 63 ක් ලැබීය.නායක රවින් ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දැවී ගිය එංගලන්ත කඩුලු පහෙන් තුනකටම හිමිකම් කීමට සමත් වූ අතර ඔහු එම කඩුලු 3 වෙනුවෙන් එංගලන්තයට ලකුණු 83 ක් ලබා දී තිබිණි.
ඡායාරූපය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තුන් ඉරියව් දස්කම් දැක් වූ නායක රවීන් ද සිල්වාගේ ය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...

උතුරේ හර්තාලය අසාර්ථකද?

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ඉලංගෙයි...

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...