වසර 04 කදී ඩොලර් බිලියන 2.9 ක් දෙන්න IMF එකඟ වෙයි

මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සහ මෙරට රජය අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයක් ඇති කරගෙන තිබෙනවා. ඒ, ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය ආධාරයක් සඳහායි.

මෙම ණය මුදල මාස 48 ක කාලයකදී වාරික වශයෙන් ලබාදෙනු ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා මෙම ණය මුදල ලබාදෙන බවයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. මේ හරහා 2024 වසර අවසන් වනවිට 2.3% ක ප්‍රාථමික මට්ටමේ ආර්ථික වර්ධනයක් ඇතිකර ගැනීම මෙහි අරමුණයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ ශ්‍රී ලංකා බළධාරීන් අතර සාකච්ඡා වට කිහිපයක් පැවති අතර එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම එකඟතාවයට පැමිණ තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...