*
Monday, May 20, 2024
spot_img

Latest Posts

2048 වනතෙක් ණයවලින් ගැලවීමක් නැහැ!

කොළඹ LNW:කවර නායකයකු යටතේ, කවර රජයක්‌ බලයට පත් වුවත් වසර 2048 වනතුරු ණය ගෙවීම පිළිබඳව අර්බුදයෙන් ගැලවීමක් නැති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

නැඟෙනහිර පළාත ඇතුලු දිවයිනේ සියලුම පළාත් තුළ සංවර්ධනය ඇනහිට තිබෙන්නේ විදේශීය ණය ගෙවීම ප්‍රතිව්‍යුහගත කරගන්නා තුරු බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

“තිස් වසරක යුද තත්වයෙන් බිඳ වැටුණු උතුරු නැඟෙනහිර පළාත් සංවර්ධනය කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වූ උතුරු වසන්තය සහ නැඟෙනහිර උදානය වැනි ව්‍යාපෘති වලට අති විශාල මුදල් ප්‍රමාණයක් රජය වියදම්කර තිබෙනවා. මෙය ණය හා ආධාර ලෙස ලබාගෙන තිබෙනවා.
රටක් ලෙස අප ලබාගත් විදේශ ණය මෙතෙක් පියවා නොමැති වීම හේතුවෙන් මේ වනවිට විශාල ණය අර්බුදයකට මුහුණ පා තිබෙනවා. විදේශ ණය ගෙවීම් ප්‍රතිව්‍යුවගත කරන තුරු රටට කිසිදු විදේශ ණය ආධාරයක් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. නැඟෙනහිර පළාත ඇතුළුව දිවයිනේ සැම ප්‍රදේශයකම සංවර්ධන කටයුතු මේ වන විට ඇණහිට තිබෙනවා. අපේ අමාත්‍යාංශයට අදාළ මංමාවත් සංවර්ධනය ඇතුළු සියලු සංවර්ධන කටයුතු සිදු කළ හැකි වන්නේ රටට නැවතත් විදේශ ණය ආධාර ලබා ගැනීමට හැකි වුවහොත් පමණයි. ඒ සඳහා කිසිදු දේශපාලන විසඳුමක් නැහැ.
රටක් වශයෙන් අප ගෙවිය යුතු ඇමරිකානු ඩොලර් මිලියන 36 ක පමණ ණය ප්‍රමාණය 2048 වසර දක්වාම ගෙවීම් සිදු කළ යුතුම වනවා. කවර නායකයකු යටතේ, කවර රජයක්‌ බලයට පත් වුවත් ණය ගෙවීම පිළිබඳව අර්බුදයෙන් ගැලවීමක් නැහැ.
පවතින සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් රුපියල් බිලියන 3.9 ක ණය ප්‍රමාණයක් ලබා දී තිබෙනවා. අමාත්‍යවරයා ලෙස මට හෝ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මැතිතුමා හෝ වෙනත් මැති ඇමතිවරයෙකුට අවශ්‍ය මාර්ග එම මුදල්වලින් සංවර්ධනය කිරීමට හැකියාවක් නැහැ. එම අරමුදල් යොදා ගනිමින් සංවර්ධනය කිරීමට හැකි වන්නේ ආසියානු සංවර්ධන බැංකුව විසින් තෝරා ගන්නා ලද මාර්ග පමණයි”
යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan