*
Friday, May 3, 2024
spot_img

Latest Posts

මිලියන 06ක් කුසගින්නේ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (01) කොළඹදී පැවැති උත්සවයකට එක්වෙමින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් මෙරට නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය පැවසුවේ, ලෝක ආහාර වැඩසටහනේ වාර්තා අනුව මිලියන 06ක් ශ්‍රී ලාංකිකයන් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවයි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය එක්වී සකස් කරන ලද බහුමාන දරිද්‍රතා දර්ශක සහ බහුමාන අවදානම් දර්ශක හඳුනා ගැනීමේ වැඩසටහන එළිදැක්වීම අද උදෑසන සිදුකෙරුණු අතර, පෝෂණය, අධ්‍යාපනය, කුටුම්බ ණය හෝ ආපදා අවදානම් සම්බන්ධ ගැටලු ආවරණය වන පරිදි නිවාස 25,000 කින් දත්ත ලබා ගනිමින් ජාතික මට්ටමේ සමීක්ෂණයක් මගින් මෙම වාර්තාව සඳහා දත්ත රැස්කර තිබේ.

එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය,

“ලෝක බැංකු වාර්තා අනුව දුගීභාවයේ අනුපාතය 2021 සහ 2022 අතර වසරක් තුළ දෙගුණයකින් පමණ වැඩිවී තිබෙනවා. ලෝක ආහාර වැඩසටහනේ වාර්තා අනුව මිලියන 06ක් ශ්‍රී ලාංකිකයින් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙනවා. ආහාර සඳහා ප්‍රවේශය මෙන්ම ලබාගැනීමේ හැකියාව 2022 වසරේ අධි උද්ධමන කාලසීමාවේදී බොහෝ දෙනෙකුට සීමා වුණා. මෙම දුෂ්කරතාවන් බලපෑම පැතිරීමත් සමග පුද්ගලයින් සහ ගෘහස්ථයන් අතර විෂමතාවන් ඇතිවීම හේතුවුණා.”

“රජය විසින් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලි රැසක් ක්‍රියාත්මක වෙද්දී, අපගේ වගකීමක් වන්නේ එමගින් ජනතාවට ඇතිවෙන බලපෑම සෑම තලයකින්ම වටහාගැනීමයි. මෙම දැනුම.. හිඩැස පුරවාලීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් 2022-23 ජාතික පුරවැසි සමීක්ෂණය මුල්වරට ආරම්භ කළා. එහිදී රට පුරා නිවාස 25,000ක් මුහුණ දී සිටින යථාර්ථයන් මෙමගින් ග්‍රහණය කරගැනීමට කටයුතු කරනවා.

“මෙම සමීක්ෂණයේ දත්ත ලැබෙමින් පවතින විට අපට කඩිනමින් වටහා ගත හැකි වූ කරුණ තමයි.. එය සාම්ප්‍රදායක ලෙස ආදායම වැඩි එක් නිර්නායකයකට සීමා නොවූ විවිධ තලයන් ඔස්සේ ක්‍රියාත්මක කළ යුතු බව.”

ලෙස ඇය  සඳහන් කළාය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan