ඩක්වර්ත් ලුවිස් ශ්‍රී ලංකාව පරාජය කරයි

Date:

එංගලන්තයේ සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ පැවති පළමු විස්සයි විස්ස තරගයේදී එංගලන්තය ඉදිරියේ පරාජයට පත් විය.ඒ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 12 කින් ය.වර්ෂාවේ බාධාවන් පෙන පෙනී පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව එංගලන්තයට පැවරීමට කාසියේ වාසිය දිනූ චමරි අතපත්තු තීරණය කළාය.
චමරිගේ ඇරයුම පරිදි ඉණිම ඇරඹූ එංගලන්ත ආරම්භක පිතිකාරියන් යුගලය වූ මායියා බවුචිර් සහ ඩැනී වයැට් ආරම්භක කඩුල්ලට ලකුණු 77 ක සබඳතාවයක් පැවත්වීය.බවුචිර් දුවද්දී දැවී යාමකට ගොදුරු කර ගැනීමට කවීශා දිල්හාරි සමත් වූවාය.ඊයෙ ශ්‍රී ලංකාව පන්දු රැකීමේ කාර්යයේ නියැලී සිටියදී කැපී පෙණුනම ශ්‍රී ලාංකේය ක්‍රීඩිකාව වූයේද කවීශාය.පන්දු ඕවර් 3 ක් ලකුණු 18 ට සීමා කර එක් කඩුල්ලක් දවා ගැනීම මෙන්ම ඇයගේ ප්‍රදර්ශනාත්මක පන්දු රැකීමද ඊයෙ ප්‍රශස්ත අවධානයක් දිනා ගත්තාය.

වයැට් පන්දු 30 දි ලැබූ ලකුණු 48 මෙන්ම එංගලන්ත ජයග්‍රහණයේ වීරවරිය ලෙස ඇගයීමට ලක් වූ ඇලිස් කැප්සෙ පන්දු 27 න් ලැබූ ලකුණු 51 ද නිසා එංගලන්තයට පන්දු ඕවර් 17 ක් තුළ ලකුණු 186 ක් කරා යන්නට ඉඩ ලැබිණ.ඒ සඳහා ඔවුන් කඩුලු 4 ක් අහිමි කර ගෙන තිබිණි.


පිළිතුරු ඉණිමේ ආරම්භය ලකුණු 32 දක්වා ඇදිණි.එහිදී ශ්‍රී ලංකාවට අහිමි වූ පළමු කඩුල්ල වූයේ චමරි අත්පත්තුය.ඇය ලකුණු 15 ක් රැස් කළාය.ලකුණු අතර සිටින හර්සිතා මාධවී වෙනුවට පිටියට ආවේ හිසිනි පෙරේරා ය.ඇය පන්දු 2 දී ලකුණු නොලබාම පිටියෙන් පිට විය.මෑත කාලයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළ දස්කම් දක්වන නිලක්ෂි ද සිලවා වේගවත් 18 ක් ලබා ගත්තේ පන්දු 8 දී ය.තිදෙනාම පන්දු ඕවර් 6 ක් වන විට පිටියෙන් ඉවත් කරන්නට එංගලන්ත පන්දු යවන්නියෝ සමත් වූහ.ලකුණු සටහන ඒ වන විට ලැබිය යුතුව තිබූ ලකුණු 67 ට වඩා ලකුණු 12 ක් පිටුපසින් කඩුලු 3 ට ලකුණු 55 ක් ලෙස සටහන් වී තිබිණ.විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 17 ක් ලබා කඩුල්ලේ උන්නාය.
තරගයේ සමස්ත ලකුණු සටහනට පහත සබැඳියෙන් පිවිසිය හැකිය.
https://www.espncricinfo.com/series/sri-lanka-women-in-england-2023-1336069/england-women-vs-sri-lanka-women-1st-t20i-1336080/full-scorecard

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය