සටන් විරාම ගිවිසුමක් ඉල්ලා ඊශ්‍රායලයේ විරෝධතා උත්සන්න වේ

Date:

සටහන : සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 02: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊයේ දිනයේදී(01) ඊශ්‍රායල් හමුදාව විසින් ගාසා තීරයේ මියගිය ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් 6 දෙනෙකු සොයා ගැනීමෙන් අනතුරුව මහජන කෝපය පුපුරා යාමත් සමඟ ඊශ්‍රායලයේ විශාලතම වෘත්තීය සමිති සම්මේලනය වන Histadrut සටන් විරාම ගිවිසුමක් ඉල්ලා මහා වැඩවර්ජනයක් කැඳවා තිබේ.

විරෝධතාකරුවන් මෙහිදී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගෙන් ඉල්ලා සිටියේ ඉතිරිව සිටින සිරකරුවන් ගෙදර ගෙන ඒම සඳහා පලස්තීන හමාස් කණ්ඩායම සමඟ සටන් විරාමයකට එළඹිය යුතු බවයි.

මේ වෙනුවෙන් රටේ විවිධ ව්‍යාපාරිකයන්, නිෂ්පාදකයන් සිය සහය දක්වා ඇති අතර බොහෝ ඊශ්‍රායල ජාතිකයන් ටෙල් අවිව්හි මාර්ග අවහිර කළ අතර බටහිර ජෙරුසලමේ නෙතන්යාහුගේ කාර්යාලයෙන් පිටත උද්ඝෝෂණ කර තිබිණි. ඊශ්‍රායලයේ ආර්ථික කේන්ද්‍රස්ථානය වන ටෙල් අවිව්හි බැංකු කඩ සාප්පු වසා දැමුණු අතර රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධ ගැටළු සම්බන්ධයෙන් රට පුරා වැඩ වර්ජනය අවහිර කිරීම සඳහා උසාවියට ​​හදිසි ඉල්ලීමක් ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍ය Bezalel Smotrich රටේ නීතිපති Gali Baharav-Miara ගෙන් ඉල්ලා තිබිණි.

ඔක්තෝම්බර් 07 වන දින හමාස් ප්‍රහාරයෙන් අනතුරුව මාස 11 ගෙවී ගියද ඊශ්‍රායලය සහ හමාස් අතර සටන් විරාම සාකච්ඡා ඇදී ගොස් ඇත. බොහෝ දෙනා අගමැති නෙතන්යාහුට දොස් පවරන්නේ ගනුදෙනුවකට එළඹීමට අපොහොසත් වීම ඔහුගේ දුර්වලතාවයක් හා ඒකාධිපතිත්වය ප්‍රදර්ශනය කිරීමක් වශයෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...

කාන්තා පාපන්දු පරාජයන් හී ඇත්තේ දොස්වලට වඩා හිස්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු කුසලාන...

කහවත්තේ තරුණයින් දෙදෙනෙකුට වෙඩි. එක් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කහවත්ත, යාඉන්න ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ...