අනුර කුමාර සමාජවාදය වෙනුවෙන් පෙනී නොසිටීම ජයග්‍රහණයක් !

මා දන්න කාලෙ ඉදල වම්මු මැතිවරණවලදි ඡන්දෙ ඉල්ලුවෙ සමාජවාදය කරා යන්නයි. ඒත් එච්චර සුන්දර සමාජවාදය ප්‍රතික්ශේප කරල මිනිස්සු තවමත් ඡන්දය් දෙන්නෙ ධනවාදීන්ටමයි.

තනි රටක සමාජවාදය කියන්නෙ මිථ්‍යාවක් කියල මිනිස්සු න්‍යායිකව දන්නෙ නැහැ. නමුත් සමාජවාදය වගේ ලොකු දේවල් බලාපොරොත්තු නොවී පොඩි පොඩි දේවල් දිනා ගන්න මිනිස්සු ධනපති පක්ෂවලට සහාය දෙනව. නොතේරෙන කාලෙ මාත් මිනිස්සුන්ට බැන්න. නමුත් පස්සෙ දි තේරුණා අවිඥාණිකව වුනත් මිනිස්සුන්ගෙ තේරීම තාර්කිකයි කියල.

ධනවාදී අවකාශයක සමාජවාදය නිර්මාණය කරන්න බැහැ. සමාජවාදය කියන්නෙ තවත් සමාජ යුගයක්. ඒ යුගය උදාවෙන්නෙ ධනවාදී යුගයේ තාර්කික අවසානයකින්. මේ යුගය තුළ ධනවාදය එහි තාර්කික අවසානයට තල්ලු කරන්න දේශපාලනය කරනව මිසක් මේ යුගය තුළ සමාජවාදය ස්ථාපිත කරන්න බැහැ. අපි සූදානම් වෙන්න ඕන නුදුරු දිනයක ධනේශ්වරය කඩාගෙන වැටුනහම සමාජවාදී යාන්ත්‍රණයක් ස්ථාපිත කර ගන්න මූලික වැඩ සම්පූර්ණ කරන්නයි.

IMF යෝජනාවන්ට, ඉන්දියන් ප්‍රාග්ධන මැදිහත්වීමට හා පුද්ගලිකකරණයට විරුද්ධව පාරට බැහැල ඒ කාර්‍යභාරය කරන්න බැහැ. එහෙම පාරට බැහීම සමාජවාදය සදහා වූ දේශපාලනයක් වෙන්නෙත් නැහැ. සමාජවාදය සදහා වූ දේශපාලනය කියන්නෙ ධනවාදයට එරෙහිව හැංගිල හූ කීම නෙවෙයි. ඒක සංයුක්ත අලුත් සමාජ යාන්ත්‍රණයක් සකසා ගැනීමක් හා ඒ වෙනුවෙන් ජනතා කැමැත්ත දිනා ගැනීමේ උත්සාහයක්. උදාහරණයකට පාරිභෝජනවාදී සමාජ සංස්කෘතියක ජීවත්වෙමින් සමාජවාදය ගොඩනගන්න බැහැ.

මං හිතන විදිහට ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙල සමාජවාදී නොවීම තමයි ජනතා ජයග්‍රහණය වෙන්නෙ. ඒක අර කලින් වගේ ආධානග්‍රාහී විදිහට සමාජවාදී වුනා නම් මිනිස්සු ඒකට කැමැති වෙන්නෙ නැහැ. මොකද මිනිස්සුන්ට දැන් ඕන සමාජවාද වගේ දුරස්ථ දේශපාලනයක් නෙවෙයි. මිනිස්සුන්ට මේ මොහොතෙ ඕන සාධාරණ සමාජයක්.

ඉතින් මිනිස්සු බලාපොරොත්තු වෙන ඒ ලෝකය තුළ සමාජවාදය වෙනුවෙන් වැඩ කරන දේශපාලන ව්‍යාපාරයකට පැවැත්මක් නැත්තෙත් නැහැ. පූර්ණ විමුක්තිය තියෙන්නෙ සමාජවාදය තුළ බව නොදන්නව වුනාට ධනේශ්වරය බිඳ වැටුනහම මිනිස්සු එකතු වෙන්නෙ එතැනට.

ඉතින් කුඩය ලකුණෙන් තරඟ කරන සහෝදර සහෝදරියන් කරන්න ඕන “හූ හූ උබල ළග සමාජවාදය නැහැනෙ” කියමින් මාළිමාවට කෝචොක් කරන එක නෙවෙයි. එයාල කරන්න ඕන මේ යුගය නිවැරැදිව තේරුම් ගැනීම හා නිශ්චිත දේශපාලනයක් කිරීමයි. එහෙම නැතිව රාජ්‍යය ප්‍රතිසංස්කරණය කිරීමේ දේශපාලනයක් කරමින් ඉන්න ගමන් අනුන්ට කෝචොක් කිරීමෙන් වෙන්නෙ තමන් ජොක් වෙන එක බව අපේ සහෝදර සහෝදරියො තේරුම් ගන්න ඕන.

~ පිලිප් ශාන්ත

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...