*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

2024 ජනාධිපතිවරණයේ ජය කාටද? TNA තීන්දුවෙන් පසු නවතම විශ්ලේෂණය මෙන්න!

කොළඹ LNW:2024 ජනාධිපතිවරණය ජන්ද විමසීමේ පූර්ව ප්‍රචාරක කටයුතු මේ මොහොත වන විට ඉතාම තීව්‍ර වී තිබෙනවා. ඉතිහාසයේ නොවූ විරූ තරමේ අවධානයක් හා උද්යෝගයක් මෙවර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජන සමාජය තුළ ගොඩනැගී තිබෙන අතර පැහැදිලි ලෙසම දැන් කදවුරු බෙදෙමින් පවතින්නේ ජන්ද ප්‍රතිඵලය සම්බන්ධයෙන් යම් යම් ඉඟි ලබාදෙමින්. ඒ අනුව ඊයේ දිනයේදී දෙමළ ජාතික සන්ධානයද සිය තීන්දුව ප්‍රකාශ කරමින් ඔවුන්ගේ සහය සමඟි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබාදෙන බවයි පැවසුවේ. එහෙත් එහි නායක මාවෙයි සේනාධිරාජා මහතා පැවසුවේ එවැනි තීරණයක් ගැන තමන් දැනුවත් නොමැති බවයි. මාවෙයි සේනාධිරාජා මහතාගේ එම ප්‍රකාශයත් සමඟ ඉලංගෙයි තමිල් අරසු කච්චි හි මතය බෙදීමකට ලක්ව තිබෙන බවයි පෙනෙන්ට ඇත්තේ. කෙසේවෙතත් දැනට දේශපාලන පිටියේ පවතින තත්ත්වය අනුව ජන මතය කෙලෙස වෙනස් වෙමින් තිබෙන්නේද යන්න පිළිබඳ යම් විමසීමක් සිදුකළා. ඒ සඳහා අප සම්බන්ධ කරගනු ලැබුවේ මේජර් ජනරාල් ආචාර්ය බොනිෆස් පෙරේරා මහතාව.

මේජර් ජනරාල් ආචාර්ය බොනිෆස් පෙරේරා කියන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් මෙන්ම ඊට පරිබාහිරව යමින් ආර්ථික විද්‍යාව පිළිබද ආචාර්ය උපාධියක් ලබා ඇත්තෙක්. එමෙන්ම ඔහු ජාත්‍යන්තර පර්යේෂකයෙක්,ලේඛකයෙක් ලෙසත් කටයුතු කරන අතර දේශපාලන විද්‍යාව,ආර්ථික විද්‍යාව මෙන්ම ජාතික ආරක්ෂාව යන ක්ෂේත්‍ර පිළිබඳ මනානිපුණත්වයෙන් යුතු විශේෂකයෙක් ලෙසත් කටයුතු කරනවා. විද්‍යාත්මක පර්යේෂණ ක්‍රමවේදය පසුබිම් කරගනිම්න් ඔහු සැම විටම සිය නිරීක්ෂණ,විශේලේෂණ ඉදිරිපත් කරන හෙයින් මෙවර ජනාධිපතිවරණයේදී මෙරට ජන්ද දායකයාගේ හැසිරීම කෙබඳු වනු ඇත්ද යන්න පිළිබඳවයි ඔහුගෙන් විමසන ලද්දේ.

2024 ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ සමීක්ෂණ වාර්තා ඉදිරිපත් වෙමින් තිබුණද ඒවා කිසිවක් විද්‍යාත්මක පර්යේෂණයකින් අනතුරුව ඉදිරිපත් වන නිරීක්ෂණ නොවන නමුත් මේජර් ජෙනරාල් ආචාර්ය බොනිෆස් පෙරේරා මහතා සිය ප්‍රයෝගික දැනුම,අත්දැකීම්,මාධ්‍ය මඟින් පළවන වාර්තා සහ වවිධ ප්‍රදේශවල සංචාරය කිරීමෙන් ලබා ගත් තොරතුරු මත පදනම්ව සිය පැහැදිලි කිරීම කරමින් මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කිරීම සඳහා වැඩි අවස්ථවක් ඇත්තේ සමඟි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට බව පෙන්වාදුන්නේය.

බොනිෆස් පෙරේරා මහතා සිය තක්සේරුව තහවුරු කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මෙන්ම ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් සමාජය තුළ පවතින මතවාද අදහස් ද විශ්ලේෂණයට භාජනය කරමිනි.

දැනට ඉදිරිපත් වන කිසිම සමික්ෂණ වාර්තාවක් විද්‍යාත්මක නැහැ

”2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අපි දැකල තියෙනවා සමාජ වෙබ් අඩවි ඔස්සේ නොයෙකුත් සමීක්ෂණ වාර්තා ඉදිරිපත් වෙලා තියෙනවා. මෙහිදී මම කියන්නේ පර්යේෂණ ක්‍රමවේදය පිළිබඳව ඉතා ගැඹුරින් හදාරපු කෙනෙක් වශයෙන් මුලින්ම කියන්න කැමති ඔය එක සමීක්ෂණ වාර්තාවක්වත් විද්‍යාත්මක නැහැ. මොකද ජන්දෙකට රිසර්ච් එකක් කරනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. අඩුම වශයෙන් අවුරුදු දෙකකට කලින් පටන් ගන්න ඕනේ. අපේ ලංකාවේ තියෙනවා දිස්ත්‍රික් 25ක්. ග්‍රාමසේවා වසම් 14,000ක් සහ ගම්මාන 50,000ක්. ඇත්තටම කිව්වොත් නිවැරදි විදිහට නම් මේ ගම්මාන 50,000ටම රිසර්ච් කණ්ඩායම් යන්න ඕනා. ගිහිල්ලා ඒ ගම්මාන 50,000න්ම සාම්පල් ගන්න ඕනේ අඩුම තරමේ එක ගමකින් සාම්පල් 10ක්වත් තෝරාගන්න ඕනේ. ඒ සාම්පල් 10 තුළ විවිධ කණ්ඩායම් නියෝජනය කරන්නත් ඕනේ. උදාහරණයක් වශයෙන් කාන්තාව,රැකියා කරන අය,තරුණ අය,රැකියා නොකාන අය, ගොවි ජනතාව,රජයේ සේවකයෝ,විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් ඉන්නවා නම් එයාව,ඒ වගේම විරැකියාවෙන් පෙළෙන අය වගේ 10ක්වත් තෝරාගන්න ඕනේ. එහෙම එහෙන් මෙහෙන් 10ගානේ තෝරාගත්තොත් දහවරක් පනස්දාහ ලක්ෂ පහයි. සාම්පල් ලක්ෂ පහක්වත් අපි ගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් ප්‍රශ්න ටිකක් දෙන්න.කාටද ජන්දය දෙන්නේ කියන එකට අදාළව. එයත් විද්‍යානුකූල වෙන්න අවශ්‍යයි. පස්සේ ඒ සාම්පල් ලක්ෂ පහම ඇනලයිස් කරල ගත්තම කියන්න පුළුවන් ජන්ද දායකයා හැසිරෙන ආකරය ගැන. අහවලාට, අහවල් පක්ෂයට ජන්දය දෙයි කියල. එහෙම නොකර එක දිස්ත්‍රික්කයකින් හෝ දිස්ත්‍රික්ක කිහිපයකින්, පාරේ යන කිහිප දෙනෙක්ගෙන් අහල ගන්න එක එක්කෝටි හැත්තෑ ලක්ෂයක් වන සමස්ත ජන්ද දායකයෝ නියෝජනය වෙන්නේ නැහැ. රිසර්ච් මෙතඩලොජි අනුව ජන්දයක් ගැන සමීක්ෂණයක් කරනවා නම්ඕක තමයි ඇත්ත තත්ත්වය. එහෙම පර්යේෂණයක් නම් තාම වෙලා නෑ. ඒ නිසා හරි අමාරුයි කොච්චර ප්‍රතිශතයක් කවුරු ගනීද කියන එක ගැන කියන්න.

නමුත් මගේ ප්‍රයෝගික දැනුම සහ ගුවන් විදුලියෙන්,රූපවාහිනියෙන්,පත්තරෙන්,යූ ටියුබ්වලින් සහ විවිධ පළාත්වල සංචාරය කිරීමෙන් ලබාගත්තු දැනුමෙන් අපිට යම් ආකාකරයක නිගමනයකට එන්න පුළුවන්. මේ රටේ ජනතාව කොච්චර වුණත් අවුරුදු 2500ක් මුළුල්ලේ නිදහස භුක්ති වින්දා. වරින් වර ප්‍රශ්න තිබුණා. නමුත් අපේ ජාතිය නිදහසට,ප්‍රජාතන්ත්‍රවාදයට,කැමති ජාතියක්. ඒක හරිම විශේෂ දෙයක්.”

ඒ අනුව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින තත්ත්වය අනුව නම් ඉදිරි ජනාධිපතිවරණ ජන්ද විමසීම තුළ සාධනීය ප්‍රතිඵලයක් බලාපොරොත්තු විය නොහැකි බවයි බොනිෆස් පෙරේරා මහතා පෙන්වාදුන්නේ.

”දැනට ජනාධිපති අපේක්ෂකයෙක් විදිහට ඉන්න රනිල් වික්‍රමසිංහ මහත්මයා පහුගිය කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන බවක් පෙනුනේ නැහැ එතුමා ප්‍රාදේශීය සභා ජන්දය කල් දැම්මා. ජනාධිපතිවරණය කල්දාන්නත් නොයෙකුත් විදිහට උත්සහ කළා. මිනිස්සු ඒවාට කැමති නැහැ. මොකද නිදහස මිනිස්සුන්ට අවශ්‍යයි. මූලික අයිතීන් ආරක්ෂා කරන පරිසරයකටයි මිනිස්සු කැමති. ජන්දයක් නොදෙනවා කියන්නේ මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. ඒකට මිනිස්සු කැමති නැහැ. ඒ වගේම එතුමා තනි ෂීට් එකකින්, ඒකත් නැෂනල් ලිස්ට් එකෙන් ඇවිල්ලා එතුමා තෝරාගත්තේ වංචනිකයෝ වශයෙන් බ්‍රෑන්ඩ් වෙලා තියෙන කණ්ඩායමක්. රාජපක්ෂවරුන්ගේ උපදෙස් මතයි පාර්ලිමේන්තුවේ බහුතරයක් එතුමාට ජන්දය දීලා ජනාධිපති බවට පත්කළේ. ඒ නිසා එතුමාට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම දූෂිතයින් රකින්න. කොච්චර කතාවට කිව්වට වැඩක් නැහැ වැදගත් වෙන්නේ ක්‍රියාවෙන්නේ එය ඔප්පු කිරීම. එතුමා ඒක ක්‍රියාවෙන් ඔප්පු කරලා නෑ. කටින් කිව්වට ප්‍රජාතන්ත්‍රවාදය රකිනවා කිව්වට ඔහු එහෙම නොකළ කෙනෙක්. දුෂිතයින්ව රැකපු කෙනෙක්. තෙල් මිල වැඩි කරල හරි ඔහු තෙල් පෝලිම් නතර කළා. ගෑස් මිල වැඩිකරලා හරි ගෑස් පෝලිම් නැවැත්තුවා. ඒක හරි. ඒ ගැන මධ්‍යස්ථ විචාරයක් දෙන්න ඕනේ. නමුත් ඒ මිල මිනිස්සුන්ට දරාගන්න බැරි වෙනවා. අද තෙල් පරිභෝජනය 50%ක් විතර අඩු වෙලා. ගෑස් පරිභෝජනයත් 50%ක් විතර අඩු වෙලා. මිනිස්සුන්ගේ ජීවන රටාව වෙනස් වෙලා. ජීවන තත්ත්වය පහළ බැහැල තියෙන්නේ. බඩු මිල අහස උසට නැගල. මිනිස්සු ගොඩක් අපහසුතාවට පත්වෙලා ඉන්නේ. ඒ නිසා හුදෙක් දුගී දුප්පත් ජනතාව,මධ්‍යම පාන්තික ජනතාව රනිල් වික්‍රමසිංහ මහත්තයට ජන්දය දෙන්නේ නැහැ කියන නිගමනයට එන්න පුළුවන්.”

මේ මොහොතේ ඉහළ ජනතා ආකර්ෂණයක් අත්පත්කරගෙන සිටින බවක් පෙනෙන්නට තිබෙන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට මේ ජනාධිපතිවරණ සටන ජයග්‍රහණයකින් අවසන් කිරීමට හැකිවෙයිද? බොනිෆස් පෙරේරා මහතා දැක්වූයේ මෙවැනි අදහසක්.

”අනුර කුමාර දිසානායක මහත්මයා කියන්නේ කුඩා තැනකින් ආපු කෙනෙක්. ඒ කණ්ඩායමට තියෙන ලොකුම ශක්තිය තමයි ඒ ගොල්ලෝ අදුෂිතයි කියන දේ. ඒකෙ ඇත්තක් තියෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් ලෙස මම දකින්නේ එයාලට තාම පාලන බලයක් හම්බවෙලා නැහැ. පාලන බලයක් හම්බවුණා නම් දුෂිත ද අදුෂිත ද කියලත් මිනිස්සුන්ට තීරණය කරන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් ඒ වාසිය ඒගොල්ල්න්ට තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ තවත් ප්‍රබලම අවියක් තමයි ඔවුන් බලයට ආවම දුෂණ නවත්වනවා කියල කියන කාරණය. දුෂිතයින්ට දඩුවම් දෙනවා කියල කියනවා. ඇත්තටම දුෂිතයින්ට දඩුවම් දෙන එකට මිනිස්සු කැමතියි. ගෝඨාභය රාජපක්ෂට වුණත් මිනිස්සු ජන්දේ දුන්නේ ඒ පවුලේ අයට වුණත් ගෝඨාභය එක්ක සෙල්ලම් කරන්න බැරි වෙයි කියන විශ්වාසයෙන්. නමුත් ඒ එකක්වත් වුණේ නැහැ. ඒ වගේම විදේශගතව තියෙන මුදල් ගෙන්න ගන්නවා කියලත් අනුර දිසානායක මහත්මය කියනවා. ඒක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. ලංකාව ඇතුලේ හොරකම් කරලා තියෙන දේපොළ නම් යම් ක්‍රමවේදයකට ගන්න පුළුවන් වෙයි කියල උපකල්පනය කරන්න පුළුවන්. නමුත් මේ කාරණා ඔවුන්ට තියෙන ශක්තියක්. එයාලට තියෙන අවාසියක් තමයි ආර්ථිකය ගොඩගැනීම පිළිබඳ පළපුරුදු සහ ගැඹුරු දැනුමක් ඇති කණ්ඩායමක් නොසිටීම. ඒ වගේම ඔවුන් උතුර නැගනහිර තුළ ස්ථානය ගතවීමක් පෙන්නුම්කරන්නේ නැහැ. මධ්‍යම කඳුකරය ගත්තත් එහෙමයි. ද්‍රවිඩ, මුස්ලිම් සුළුතර ජනතාවගේ විශ්වසය දිනාගන්න තරම් ඒගොල්ලන්ගේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ ජන්දත් ජයග්‍රහණයේදී අතිශය වැදගත්. අපි බලන්න ඕනේ එක පළාතක් එක දිස්ත්‍රික්කයක් නෙවෙයිනේ. දිස්ත්‍රික්ක 25ම බලන්න ඕනේ. එහෙම ගත්තම ඔවුන්ට 50%කට හෝ ඊට ආසන්න ප්‍රමාණයක යන්න පුළුවන් කියන තත්ත්වය බෙහෙවින් අඩුයි. නමුත් ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම සෑහෙන්න ජන්ද ප්‍රමාණයක් ගන්නවා. ඒක තමයි අපට නිරීක්ෂණය කරන්න පුළුවන් තත්ත්වය.”

සජිත් ප්‍රේමදාසට දුප්පත් ජනතාවගේ සහය වැඩියි. ඔහුට හොද බුද්ධිමතුන් කණ්ඩායමකුත් ඉන්නවා. TNA එකේ බහුතර සහයත් දැන් ලැබෙන්න සජිත්ට.

සජිත් ප්‍රේමදාස මහතාට ඔහුගේ පියා වන රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් දුප්පත් ජනතාව තුළ තිබෙන ප්‍රසාදය පෙරළා සජිත් ප්‍රේමදාස මහතාටත් ලැබෙමින් තිබෙන බවයි මේජර් ජනරාල් ආචාර්ය බොනිෆස් පෙරේරා මහතා පැවසුවේ.

ඒ අතරම ඔහු වටා සිටින බුද්ධිමතුන් කණ්ඩායම ඔහුට විශාල ශක්තියක් සපයන අතර මේ වන විට දෙමළ ජාතික සන්ධානයේ බහුතරයකාගේ සහය හිමිවීමත් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය පහසු කරන්නක් බවයි බොනිෆස් පෙරේරා මහතා පෙන්වාදුන්නේ.

”සජිත් ප්‍රේමදාස මහත්තයා ගත්තොත් එතුමාගේ වටේ පිළිගත හැකි හොඳ පිරිසක් ඉන්නවා. ආර්ථිකය පැත්තෙන් වුණත් ක්‍රමානුකූල සැලැස්මකට රට ගොඩනගන්න හැකි පිරිසක් ඔහුට ඉන්නවා. වසර කිහිපයක් මුළුල්ලේ බුද්ධිමතුන් 1500ක් විතර විවිධ අමාත්‍යංශවල කෙරෙන්න ඕන වැඩපිළිවෙල ප්‍රතිපත්ති ලෙස සකස් කරලා තියෙන්නේ. ඒ අනුව සෑහෙන බුද්ධිමතුන් පිරිසක් එතුමා එක්ක රැඳිලා ඉන්නවා. එතුමාගේ ප්‍රධානම ශක්තියක් තමයි එතුමා පළිගන්න ජාතියේ මිනිහෙක් නෙවෙයි. ඒ වගේම එතුමා කාත් එකක්වත් පස්සෙන් පන්නගෙන යන්නේ නැහැ. ඒ වගේම අන් අයව විවේචනය කිරීමත් හුගක් අඩුයි. ඒවගේම අනෙකාට ඇහුම්කන් දීමේ හැකියාවකුත් එතුමාට තියෙනවා. ඒක ඇත්තටම නායකයෙකුගේ හොඳ ලක්ෂණයක්. ඒ වගේම දුප්පතාගේ හිතවතා කියල අන්වර්ථ නාමයක් එතුමාට ලැබිල තියෙනවා. ඒක ලැබුණේ විශේෂයෙන්ම එතුමාගේ තාත්තාගෙන්. රණසිංහ ප්‍රේමදාස මහත්තයත් ඒ කාලේ දුප්පත් මිනිස්සුන්ට ගොඩක් උදව් කළා. ජනසවිය පටන් ගත්තේ එතුමා. නිවාස ව්‍යාපෘතිය පටන් ගත්තේ එතුමා. ඒවගේම කාන්තාවන්ට රැකියා දෙන ඇඟලුම් කර්මාන්ත පටන් ගත්තේ එතුමා. ඒ කියන්නේ එතුමා ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දීල තියෙනවා. ඒ සහන ලබපු පවුල්වල අයගේ ආශිර්වාදය, සහය සජිත් ප්‍රේමදස මහත්තයට ලැබෙනවා. ලංකාවේ මේ ආර්ථික අවපාතය නිසා ලංකාවේ මධ්‍යම පාන්තිකයත් දුප්පත් වෙලා ඉන්නේ. දුප්පත් අයගෙන් බහුතරයක් රනිල් වික්‍රමසිංහ මහත්තයට කැමති වෙන්නේ නැහැ. එයා දුප්පත් මිනිහ ගැන හැඟීමක් නැති නායකයෙක් විදිහටයි දකින්නේ. ඒවගේම අනුර කුමාර මහත්තයා මිනිස්සු ගැන කතා කරනවා. නමුත් ඊට වඩා ඉහළින් අපි ගැන හැඟීමක් තියෙන දැනීමක් තියෙන කෙනෙක් තමයි සජිත් මහත්තයා කියන ජනතා පිළිගැනීම එතුමාට ලැබිල තියෙනවා. ඒ අනුව දුගී දුප්පත් ජනතාව ඇතුළු බහුතරයක් දෙනාගේ විශ්වාසය දිනා ගැනීමට සජිත් ප්‍රේමදාස මහත්තයට හැකි වෙලා තියෙනවා කියන එක නිරීක්ෂණය වෙනවා. ඒ වගේම තමයි සජිත් ප්‍රේමදාස මහත්මයට දුෂණ චෝදනා නැහැ. ඔහුට එරෙහිව අධිකරණයක නඩුවක්වත් නැහැ. තවත් දෙයක් තමයි ඔහු සතුව තිබෙන මනුස්සකම සහ කෙළෙහිගුණ දැක්වීමේ ගුණය. පොරොන්දුවක් වුණොත් ඒක ඉටුකරන්නත් ඔහු මැලිවෙන කෙනෙක් නෙවෙයි. බොහොමයක් දේශපාලකයින්ට නැත්තේ ඔන්න ඔය වගේ ගතිගුණ. බොහොමයක් බුද්ධිමතුන් සජිත් ප්‍රේමදාස මහත්මයා එක්ක රැදෙන්නත් ලොකු හේතුවක් තමයි ඔහුගේ මනුස්සකම සහ කෙළෙහිගුණ දැක්වීමේ ගුණය. උතුර නැගෙනහිරත් දැන් කියල තියෙනවා සජිත් ප්‍රේමදාසට සහය දක්වනවා කියල. උතුර නැගෙනහිර ජන්ද සම්ප්‍රදායිකව UNP. මේ ජන්ද දෙකට බෙදුනත් එන්නේ සජිත්ට සහ රනිල්ට. මෙතැනදී වැඩි පංගුව සජිත්ට හිමිවෙනවා. දෙමළ ජාතික සන්ධානයේ බහුතර සහය සජිත්ට ලැබෙයි. රාජපක්ෂවරු එක්ක උතුර, නැගෙනහිර දෙගොල්ලොම තරහයි. බාගෙට බාගයක් රාජපක්ෂලාගේ අය ඉන්නේ රනිල් එක්ක. ඉතුරු අය නාමල් එක්ක ඉන්නවා. ඒ ප්‍රශ්නයත් මෙතනදී බලපානවා. ඒ අනුව මේකේ වැඩි වාසියක් සජිත් ප්‍රේමදාස මහත්තයට ලැබෙයි කියන එක තමයි මගේ තක්සේරුව.” යනුවෙන් බොනිෆස් පෙරේරා මහතා පැහැදිලි කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan