ජාතික ක්‍රීඩා උළෙලක් ඉවරයි – එච්චරයි

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 02, කොළඹ LNW:

ජාතික ක්‍රීඩා උළෙලේ 49 වැන්න නිමාවට පත් වී ඇත.එවැනි ක්‍රීඩා උළෙලක් කිරිම පහසු නැත.දුශ්කර කාර්යයක් බව පැහැදිළිය.එහි තර්කයක් නැත.එහෙත් මේ ක්‍රීඩා උළෙලවල තත්ත්වය පහළින් තබන්නට ක්‍රීඩා උළෙල භාර අමාත්‍යංශයේ සහ සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඇමතිවරයාගේ සිට පහළට සිටින තීන්දු තීරණ ගන්නා කොටස වැඩි වශයෙන් වගකිව යුතුය.


මේ ක්‍රීඩා උළෙලවල් දේශපාලන තිරණ මත දේශපාලනය ආලෝකවත් කරන්නට යොදා ගන්නවා හැරෙන්නට ක්‍රීඩාවට වඩාත් උචිත සහ ඊට දීප්තියක් එකතු වෙන ආකාරයෙන් පැවත්වීම කෙරෙහි මේ රජය ද අවධානය යොමු කරන බවක් පෙනෙන්නේ නැත.සමාජප්ත සමාචාරයේ ආරාධිතයා වෙමින් පැමිණ අගමැතිණිය කරන ලද කතාවේ ඇති ක්‍රීඩාවට පහසුකම් දීමේ උවමනාව ඇය පැහැදිළි කරනවා.ජාතික වශයෙන් සහ ඉනික්බිති ජාත්‍යන්තර වශයෙන් ක්‍රීඩාව තිබිය යුුතු තැන අදහස් කියනවා.මේක හැමදාම ක්‍රීඩාව සම්බන්ධ උත්සවවල සිදු වුණ දෙයක්.සම්ප්‍රදායික කතා මාලාවක තවත් පරිච්ඡේදයක්.ඒවා කරන්න දෙන අවධානය සහ කරන්නේ කොහොමද කියන කාරණය ගැන ආණ්ඩුවක් හැටියට නොසිතන බව පෙන්වන වැඩබිමක ඉඳගෙන මේ කතාව කරන්න වීම අභාග්‍යයක්.


කාලයක සිට ඇමතිවරුන්ට අප පෙන්වා දෙන කරුණක් වන්නේ මලල ක්‍රීඩාවලින් නිමා වන ජාතික ක්‍රීඩා උළෙළ මලල ක්‍රීඩාවේ පවත්වන ඉසව්වල උපරිමය විඳහා පෙන්වන බිමක පැවත්විය යුතු බවයි.මෙයින් පිට පළාත්වල ක්‍රීඩාවට හානියක් වන්නේ නැහැ.ජාතික වශයෙන් හොඳම දස්කම් දක්වන්න සහ ජාත්‍යාන්තරානුරූපී ක්‍රීඩාවක මේ රටේ වැඩි දෙනෙක්ට ක්‍රීඩා කරන්න ලැබෙනවා.මේ කාරණය සම්පූර්ණයෙන් නොසළකා හැර මේ ආණ්ඩුවද තමන්ගේ ක්‍රීඩා ඇමතිට සිය ගමට ගොස් දේශපාලන සංදර්ශනයක් පැවත්වීමට ජාතික ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග පැවත්වීමට අවසර ලබා දෙනවා.එහි වරද වන්නේ දඩල්ල ක්‍රීඩා පිටියට කෘතිම ධාවන පථයක් එලීමෙන් තොරව මේ තරග පැවත්වීමෙන් ක්‍රීඩාවේ සැබෑ දක්ෂතා මතු නොවීමයි.


ක්‍රීඩා අමාත්‍යවරයා හමුවන විදේශ දූතයන්ගෙන් ගාල්ලට කෘතිම ධාවන පථයක් එලීම සඳහා උපකාර ලබා ගත්තානම් තමන්ගෙ ගමට එසේ කළා යැයි විවේචනයක් අප එල්ල කරන්නේ නැහැ.පළාතට එකක් බැඟින් ඒ ආකාරයට ක්‍රීඩා පිටියක්,ක්‍රීඩා සංකීරණයක් ප්‍රමිතිගත ආකාරයට තැනෙනෙන්නේනම් එය රටේ ක්‍රීඩාවේ දස්කම් ඉහළ යාමට හේතු වෙනවා.ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණ හැඳෙන එක වැදගත්.උදාහරණයකට මධ්‍යම පළාතේ මේ වන විට පලදායකම මලල ක්‍රීඩා බිම වන දිගන ක්‍රීඩා පිටියට එවැනි ධාන පථයක් එළා එය මධ්‍යම පළාතෙන් බිහි වූ විශිෂ්ඨතම ධාවකයෙක් වන ලුසියන් රෝසා නමින් හෝ සුගත් තිලකරත්න නමින් හෝ නම් කිරීම කවුරුවත් ප්‍රශ්නයක් කරගන්න එකක් නැහැ.නැත්නම් මේ ක්‍රීඩාංගණය භාවිතා කර ආසියාවම ජයගත් තරුශි කරුණාරත්නගේ නමට එය නම් කළත් කිසිවෙක් කිසිවක් නොකියනු ඇති.


දඩල්ල ක්‍රීඩාංගණය ගෙන එහි ගෘහස්ථ ක්‍රීඩා පිටිය නිලූක කරුණාරත්න වැනි ක්‍රීඩකයෙකුට උපහාර ලෙස ද,මලල කීඩාව ප්‍රමුඛ වන ආකාරයට කෘතිම ධාවන පථියක් සහිත ක්‍රීඩා පිටිය ඒ ප්‍රෙද්ශයෙන් බිහි වූ කේ.ජී භද්‍රා,ශ්‍රියාණි ධම්මිකා මැණිකේ,නදීකා ලක්මාලි,දකුණේම ක්‍රීඩිකාවන් වන නිමාලි ලියනාරච්චි,සුජිත් රෝහිත,චින්තක සොයිසා වැනි කුමන හෝ රටට කීර්තියක් ගෙනා ක්‍රීඩකයෙකුගේ හෝ ක්‍රීඩිකාවකගේ නමින් නම් කිරීම ද අසාධාරණ නැහැ.එහෙත් මේ ගැටළුව එවැනි බිමක් නැතුව ජාතික ක්‍රීඩා උළෙලට අදාළ මලල ක්‍රීඩා ඉසව් එහි රැඟෙන යාමෙන් අසාධාරණයක් වන බවයි.සුගත් වැනි නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ක්‍රීඩාවට පත් කර සිටියදී අමාත්‍යවරයා මේ තීරණයට එළැඹිමෙන් සුගත් තිලකරත්නගේ ද රෙදි ගැලවී තිබෙන බව කිව යුතුයි.ප්‍රතිපත්තිමය වශයෙන් අමාත්‍යංශය මේ රටේ තිබෙන වැඩිම වෙහෙසක් දරණ සහ වැඩිම වියදමක් දරන ක්‍රීඩා උළෙල වන ජාතික ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩාව කෘතිම ධාවන පථයක් ඇති තැනෙක මිස පැවත්වීමට නොහැකි ලෙස තීරණයක් ගත යුතුයි.
මේ කියන්නේ ඇයි ද කියන කාරණය තේරුම් නොගෙන අමාත්‍යවරයාට ඇති ක්‍රීඩා ගැන දැණුමේ ප්‍රමාණයෙන් සහ තමන්ගේ නිලධාරීන් සම්බන්ධව ඇති අධික විශ්වාසයෙන් මීට පිළිතුරු ලෙස මාධ්‍ය ගොන් කතා කියන බව සිතීම මේ දක්වා අමාත්‍යවරයා කළ වරදි ක්‍රියාවක් බව තේරුම් ගත යුතුයි.කියවන විට ලිවීමේ කලාව ප්‍රගුණ කරන ලද,අමාත්‍යවරයා කැමතිම මාධ්‍ය කණ්ඩායමක් හැම ඇමති කෙනෙකුටම වාගේ සිටින බව ද පැහැදිළියි.ඒ එකම පිරිසක් ද විය හැකියි.අමාත්‍යංශය ගත් විට ද මරු කියන පිරිස වැඩි වරප්‍රසාද සහ විශ්වාසය දිනා ගන්නා බවත් අවසානයේ ඒ මරු කතාව මරු සිටින දිශාවක් සහ දශාවක් වී නිමාවට පත්වන බවත් අපි අත්දැකීමෙන්ම දන්නෙමු.
ක්‍රීඩාව ගැන යම් ප්‍රමාණයක උනන්දුවක් ඇති බව පෙන්නූ පිරිස් අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිටිය ද අග්‍රාමාත්‍යතුමියට හෝ රජය පැත්තෙන් මේ වන්නේ කුමක්ද කියා පැහැදිළි කර සිඳු නොවිය යුතු දේ ඉදිරි වසරවල සිට නවතන බවට අදහසක් නො‘එන්නේ ඔවුන් විසින් සකසන ලද කතා සැකිල්ලේ තිබෙන්නේ සිඳුවන දෙය හොඳම දේ ලෙස ඒත්තු ගැන්විම දේශපාලනය වී තිබීම බව කිව යුතුයි.
වසර ගණනක සිට ප්‍රතිපල නිකුත් කිරීම සිඳුවන්නේ අතින් ලියා බව ක්‍රීඩා අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය දැන් දන්න බව අපි විශ්වාස කරන්නෙමු. එහෙත් අන්තර්ජාලය භාවිතා කරමින් මීට වඩා ක්ෂණිකව මලල ක්‍රීඩා උළෙලවල ප්‍රතිපල ලැබෙන බව සහ ඒ වෙනුවෙන් සකස් වී ඇති මෘදුකාංගයක් හෝ සැළසුම් සහගත ක්‍රියාවලියක් ඇති බව සුගත් තිලකරත්නනම් දන්නේ ය.එය ඔහු අවසාන කාලයේ දුවන විටත්,ඔහු මලල ක්‍රීඩා සංගමයේ සභාපතිව සිටියදී ද තිබුණ එකක් වීමත් නිසා එය ඉතාම නැවුම් වැඩ සටහනක් නොවන බවත් අපි දනිමු.එහෙත් මේ අතින් ලියා ඉදිරිපත් කිරීමේ කාලය මැරීමේ ක්‍රියාව දිගටම සිඳුවෙමින් පවතින්නේ ඇතැම් නිලධාරීන්ට එය ක්ෂණිකව නිකුත් කළ නොහැකි දැවන්ත වැඩක් ලෙස පෙන්වා රඟන්නට ඇති උවමනාව නිසාවෙන්ය.එහෙත් කන්දක් විළි රුදා පෙන් වුවද අන්තිමට වඳන්නේ මී පැටියෙක්ය.


මේවා අමාත්‍යවරයා දන්නේ නැත.ගැටළුව ඇත්තේ ඔහු සියල්ල දන්නා බව සිතීම සහ සියළුම දේ දන්නා සහ නිවැරදිම මඟ පෙන්වීම දෙන පිරිස තමා වටා ඇති බව දැඬිව විශ්වාසයට ගැනීමේය.ඒ නිසාම අමාත්‍යවරයා ක්‍රීඩාව පරිපාලනයට පැමිණ දිනයට වැඩි අතීතයක සැරිසරන අයගේ ධනාත්මක විවේචනයේ භාවිතාව සහ අතීතයේ සිටම අසා ලිවිමේ සහ අසා පැවසීමේ පිරිස අතර වෙනස හඳුනා ගැනීම වැදගත් වනු ඇත. යුතුය.කන්දක් රැදා පෙන්වා වදන මී පැටියා ද සර්ව සම්පූර්ණ නැති බව වෙනත් මලල ක්‍රීඩා ඉසව්වල ප්‍රතිපල ලේඛණයක් නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් හෝ ඉල්ලා බලා ගැනීම වටින්නේය.එම ප්‍රතිපලවල ප්‍රතිකීයක වේගය,සුළගේ වේගය වැනි කාරණා ද ඇතුළත් වන බැවින් ක්‍රීඩා ඉසව්වට සහ ක්‍රීඩකයාට සම්බන්ධ වන කරුනු ප්‍රතිපල ලිවීමට වඩා ලිවීමට කතා කිරීමට අවස්ථාව උදා වන්නේය.
ක්‍රීඩාවට කෙරුණ පත්වීම් සියල්ලම ක්‍රීඩා අමාත්‍යවරයාගේ යැයි අපි නොසිතමු.පත්වීම්වලට එන අය සමහර විට අමාත්‍යවරයා ක්‍රීඩාව ගැන සිතන විට තමන්ගේ දේශපාලන පැත්තෙන් සිතන අය ද විය හැකිය.වරක් ජාත්‍යන්තර බැඩිමින්ටන් ඉසව්වක් සුගතදාසයෙන් ගැලවී යන්නේ ක්‍රීඩා සංගමයකට උපකාරී ලෙස නොවී වැඩිපුරත් අය කර ගැනීමට යාම නිසාය.අමාත්‍යවරයා එය සොයා බලන බව මාධ්‍යවේදීන් විශාල පිරිසක් ඉදිරියේ කියූවද එය වෙනස් නොවුණේ අප මුලින් කියන ලද අමාත්‍යවරයාගේ සහ නිලධාරියාගේ උවමනාවන් දෙකක් වීම නිසා ද විය හැකිය.මේ අවස්ථාව වන විට ඉදිරි ජාත්‍යන්තර උළෙලවල පසෙක දමා පුහුණු අවශ්‍යයතාවයන් නොසළකා වෙනත් ඉසව්වකට ක්‍රීඩාංගණය ලබා දී ඇත.එම දැණුම් දීම ද මෙහි අමුණන්නෙමු.


මලල ක්‍රීඩාවට සුදුසු සීමිත බිමක් වෙනත් ඉසව්වලට ලබා දෙන තත්ත්වය සහ ඒ සඳහා වැදගත් නොවන බිමක රටේ ක්‍රීඩා අමාත්‍යංශය කරන ජාතික වටිනාකමක් ඇති ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා පවත්වන්නට සිඳුවීම දැනෙන්නේ කොහොමද?
මේ සමඟ මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව්වල දක්ෂතම ක්‍රීඩකයා වූ පසිඳු මල්ෂාන් සහ සයුරි මෙණ්ඩිස් සිටින ඡායාරූපද සමඟ අවස්ථා කිහිපයක් දක්වා ඇත.

පුහුණුවීම්වලට වැසුණු සුගතදාසය

ප්‍රතිපල ලේඛණයක්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කිසිවිටෙකත් ජාතිවාදී දේශපාලනයට සහය දෙන්න එපා – ජනපති අදත් උතුරේ ජනතාව හමුවට!

කොළඹ LNW:කිසිලෙසකින්වත් ජාතිවාදී දේශපාලනයට සහය නොදෙන ලෙස ජනාධිපති අනුර...

දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ඇරඹේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 02, කොළඹ LNW: ‘ක්ලීන් ශ්‍රී ලංකා’...

බටහිර සුඩානයේ මාරා කඳුකරයේ නායයෑමේ ඛේදවාචකයෙන් 1,000කට වැඩි පිරිසක් මිය ගිහින්..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර සුඩානයේ මාරා...

Tasty Tuesdays: කට අවුස්සන ගම්බඳ පොලොස් කරිය (Polos Curry)– Sri Lanka’s Young Jackfruit Delight 🇱🇰

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...