ඝාතන සිද්ධීන් ද්විත්වයක් ගැන බැකෝ සමන් සහ තැඹිලි ළහිරු පිළිඅරන්!

Date:

කොළඹ LNW: මිද්දෙණිය කඩේවත්ත ප්‍රදේශයේදී අනුර ප්‍රියන්ත හෙවත් කජ්ජා නැමැත්තා සහ ඔහුගේ හයහැවිරිදි සහ හත්හැවිරිදි දරු දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සහ මිද්දෙණිය තෝරකොළයාය, තේක්කවත්ත ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී පුද්ගලයින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන එන ලද සංවිධානාත්මක අපරාධකරුවන් අතරින් බැකෝ සමන් සහ තැඹිලි ළහිරු පාපොච්චාරණය කර ඇතැයි වාර්තා වෙයි.

කජ්ජා නැමැත්තා සහ දරු දෙදෙනා ඝාතන සිදුවීම පසුගිය පෙබරවාරි 18 වැනිදා අනෙක් ඝාතන සිද්ධිය වාර්තා වුණේ පසුගිය මැයි 01 වැනිදාය.

ඒ අනුව කජ්ජා සහ දරුදෙදෙනා ඝාතන සිදුවීම සැලසුම්කර ඇත්තේ බැකෝ සමන් නැමැත්තා වන අතර වෙඩික්කරු සපයා ඇත්තේ තැඹිලි ළහිරු බව සඳහන්.

මිද්දෙණිය තෝරකොළයාය, තේක්කවත්ත ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනකු ඝාතනය කිරීම තැඹිලි ළහිරු නැමැත්තා සිදුකර් ඇති බවට අනාවරණය කරගෙන තිබේ.

රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන පුද්ගලයින් කොළඹ උතුර අපරාධ කොට්ඨාසය විසින් මිද්දෙණිය සහ ඇඹිලිපිටිය යන ප්‍රදේශවලට රැගෙන ගොස් ඇති අතර ඔවුන් සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින්ගේ නිවෙස් පරීක්ෂා කර ඇතත් ඔවුන් පලා ගොස් ඇති බව සඳහන්.

බැකෝ සමන් සහ තැඹිලි ළහිරු නැමැත්තා දෙන උපදෙස් අනුව මෙරට ඔවුන් සමඟ සම්බන්ධතා පැවැත්වුවන් ගිනිඅවි ප්‍රවාහනය, මනුෂ්‍ය ඝාතන මෙන්ම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සිදුකර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...