අවුරුද්දකට තරග 50000 ක් පවත්වන ශ්‍රී ලංකා ක්‍රිකට් වසරකට ශ්‍රී ලංකා ආර්ථිකයට බිලියන 100 ක් ගෙනෙන මට්ටමට පත් කරනවා – ශ්‍රී ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 02, කොළඹ LNW:

අවුරුද්දකට ක්‍රිකට් තරග 50000 ක් පවත්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආර්ථිකය රුපියල් බිලියන 100ක් දක්වා ඉහළට ඔසවා ජාතික ආර්ථිකයට වටිනා ශක්තියක්වීමට සැලසුම් සකස්කොට ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද පැවැසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් අලුත් මාවත් කිහිපයක් ඔස්සේ මුදල් සොයා ගැනීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් සිටිද්දී යාපනය ජාත්‍යන්තර ක්‍රීඩා නගර ව්‍යාපෘතිය එම ආර්ථිකයේ විශේෂ අවස්ථාවක් වනු ඇතැයි ගොඩලියද්ද මහතා සඳහන් ක‍ළේය. ඊයේ ජනාධිපතිතුමන් විසින් මුල්ගල් තැබූ යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හා ක්‍රීඩා නගර ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අයත් ශ්‍රී ලංකාවේ හත්වෙනි ක්‍රීඩාංගණය වන බව ද ඔහු පෙන්වා දුන්නේය..


“අපිට මුහුණදීමට ඇති ලොකුම අභියෝගය තමයි පසුගිය වසර තිහක ක්‍රිකට් ආර්ථිකය හා ඊළඟ දශකයේ ක්‍රිකට් ආර්ථිකය. රූපවාහිනී විකාශන අයිතිය අපේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වුණා. නමුත් වර්තමානයේ එන්න එන්නෙම රූපවාහිනිය පිළිබඳව තියන ශක්තීන් බිඳ වැටෙමින් යනවා. ඒ අනුව අයිසීසී හා ඒසීසී සාමාජික අරමුදල් ලබා දීමේදීත් අඩුවක් දකින්නට තියෙනවා. ඒ අනුව ගරු ජනාධිපතිතුමනි ශ්‍රී ලංකා ක්‍රිකට් අලුත් මාවතකින් මුදල් සොයා ගැනීමේ ව්‍යාපෘතියක් ලෙස මෙම යාපනය ජාත්‍යන්තර ක්‍රීඩා නගර ව්‍යාපෘතිය අපි හඳුන්වා දුන්නා. අපි මේ තුළින් බලාපොරොත්තු වෙනවා අපේ ආර්ථිකය බිලියන පනහේ සිට බිලියන සියය දක්වා ආර්ථිකයක් කරා යන්න. අද අපි මේ හඳුන්වල දෙන ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අයත් ශ්‍රී ලංකාවේ හත්වෙනි ක්‍රීඩාංගණය. අපි ජාතික සමගිය හුදු වචනයකට සීමා කරන්නේ නැතිව සැබවින්ම අපි සැමටම සමානව සලකන්න කටයුතු කළා. ඒ අනුව අපි කාන්තා හා පිරිමි වශයෙන් නැතිව, ආගමික වෙනස්කම් නැතිව, දිස්ත්‍රික්ක වශයෙන් වෙනස්කම් නැතිව අපි ශ්‍රී ලංකාවටම එක හා සමානව සලකන්න කටයුතු කරමින් ඉන්නවා“ යැයි ද ක්‍රිකට් භාණ්ඩාගාරිකවරයාවරයා පැවසීය.

“විශ්වයේ විශිෂ්ඨතම නිර්මාණය වූ මිනිසා නිර්මාණය වීමෙන් අනතුරුව මිනිසා විසින් නිර්මාණය කරන ලද, ගොඩනඟන ලද බොහොමයක් ද ඉතිහාසය අපිට ගොඩාක් දේවල් කියලා දෙනවා. ඉතිං ශ්‍රී ලංකාවේත් මම හිතනවා පහුගිය කාලයන්වලදී වලදී අපි විසින් ඉදිකරන ලද දේවල් ඉතාමත් අඩු වුණා. ඒ වගේම මේ යාපනය අර්ධද්වීපයට අපෙන් විය යුතු සේවාවක් හැටියට ශ්‍රී ලංකා ක්‍රිකට් හඳුනගත්ත මෙම විශිෂ්ඨ නිර්මාණය කරන්න පැමිණි අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ සියලු දෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මැතිතුමන් ප්‍රමුඛ විධායක කමිටුව විසින් ප්‍රථමයෙන් පිළිගන්නවා“


මෙම අවස්ථාවට පැමිණි ආගමික නායකයන් වන බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි හා මුස්ලිම් යන සියලු ආගමික නායකයින් ඉතාමත් ගෞරවයෙන් හා භක්තියෙන් මේ අවස්ථාවේදී පිළිගන්නවා. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රෙස්කරන්, ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති සුගත් තිලකරත්න වාගේම කැබිනට් ඇමැතිවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු සියලු දෙනා ඉතා ආදරයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම උතුරු පළාත් ආණ්ඩුකාරතුමන් ඇතුළු සියලු පළාත් සභා නිලධාරීන්, අමාත්‍යාංශ ලේකම්වරු, සියලු පළාත් රාජ්‍ය නිලධාරීන් දිසාපතිතුමන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මැතිතුමන් ප්‍රමුඛ විධායක කමිටුව විසින් පිළිගන්නවා“


“මෙම අවස්ථාවට විශේෂ ආරාධනාව පරිදි පැමිණ සිටිනවා 1996 ලෝක කුසලාන කණ්ඩායමේ ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ හා වර්තමාන ක්‍රීඩක විජේකාන්ත් වියෙස්කාන්ත් ඇතුළු ක්‍රීඩකයින්. මෙම ව්‍යාපෘතියේ සියලුම තාක්ෂණික නිලධාරින් ඉතාමත් ගෞරවයෙන් සහ ආදරයෙන් පිළිගන්නවා. එමෙන්ම අද මෙම අවස්ථාවට අපේ ආරාධනාවෙන් පැමිණ නම් නොකියවුනු අයෙක් වෙතොත් ඒ සියලුම දෙනාමත් ඉතාමත් ගෞරවයෙන් සහ ආදරයෙන් පිළිගන්නවා“


“ගරු ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාවට ක්‍රිකට් ක්‍රීඩාව හදුන්වා දුන්නේ 1832 වර්ෂයේදී. 1982 දී අපට අයිසීසී පූර්ණ සාමාජිකත්වය හිමිවන තුරු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව රැක බලා ගත්තේ ශ්‍රී ලංකාවේ පුද්ගලිකව පිහිටවා තිබූ ක්‍රීඩා සමාජ විසින්. ඔවුන් සිය පුද්ගලික ධනයෙන් මේ ක්‍රිකට් ක්‍රීඩාව ඉතාමත් උසස් තැනකට රැගෙන ගියා. ඉන් අනතුරුව 1996දී හා 2014දී ලෝක කුසලාන ජයග්‍රහණවලින් පසුව ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලාංකීය ජනතාවගේ හදවතේ ක්‍රීඩාව බවට පත්වුනා. ඒත් එක්කම අපි විශාල ජයග්‍රහණයන්ට පරාජයන්ට නැවත නැගි සිටීම් තුලින් අපි ධෛර්ය සම්පන්නව නැගී සිටියා“


“ගරු ජනාධිපතිතුමනි, අපි එක්තරා කාලයක ඉතාමත් අසීරු ආර්ථික තත්ත්වයන්ට මුහුණ දීලා සිටියා. නමුත් ඒ සියලුම කාලවල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවැතියේ අන්තර්පාලන කමිටු. නමුත් වර්තමානය තුළ පවතින ඡන්ද බලය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියෙන් පත්වුණු මේ කණ්ඩායම ඉතාමත් ශක්තිමත් ක්‍රිකට් ආයතනයක් බිහිකරන්නට සැලසුම් කොට ක්‍රියාත්මක වෙනවා. ගරු ජනාධිපතිතුමනි, අපිට මේ ක්‍රීඩාව තනියම කරගන්න යන්න බෑ. ලෝකයත් එක්ක අපි එකතු වෙන්න ඕනේ. ඉතින් අපිට ලොකු ශක්තියක් දුන්නා ගරු සභාපති ශම්මි සිල්වා මැතිතුමා. එතුමාගේ නායකත්වය යටතේ අපිට ජාත්‍යන්තරය දිනා ගන්න හැකියාව ලැබුණා. ඒ තුළින් අපි 2025 ඔක්තෝබර් මාසයේ දී කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග පහළොවක් ශ්‍රී ලංකාවේදී පවත්වනවා. ඉන්දියාවත් සමඟ සමගාමීව. 2026 වසරේදී විස්සයි20 ලෝක කුසලාන සම සංචාරකත්වය දරනවා අපි ඉන්දියාවත් සමග. මේ සියලුම ජයග්‍රහණයන් සමඟ අපිට පුළුවන් වුණා අපේ රටට ක්‍රිකට් වලින් විශාල අරමුදලක් ගේන්න“


“ පහුගිය කාලයේදී අපේ ආදායම බිලියන පහක් හයක් වෙලා තිබුණා. පසුගිය අවුරුදු තුනේදී අපිට පුළුවන් වුණා බිලියන 25ක් දක්වා වර්ධනය කරලා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ශක්තියක් ලබා දෙන්න. මේ අපි ඇති කරපු ශක්තිය තුළ අපි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ බිම් මට්ටමේ සිට ඉහලට යන්න බිලියන 2.5ක් වගේ මුදලක් වියදම් කරා. ඒ වගේම අපි ජාත්‍යන්තර, ජාතික සහ ක්‍රීඩා සමාජ මට්ටමින් කාන්තා හා පිරිමි වෘත්තීය ක්‍රීඩකයන් 1000කට අධික ප්‍රමාණයක් පත් කළා. දැන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ තලයකට පත්ව තිබෙනවා. පාසල් ක්‍රීඩකයෝ 60000ක් තරග බිමට පිවිස සිටිනවා. වයස අවුරුදු 13න් පහළ, 15න් පහළ, 17න් පහළ හා 19න් පහළ ආදී වශයෙන්. ඒත් එක්කම සියලුම ක්‍රීඩා සමාජ තරග ඇතුළුව තරග 50000ක් අපි අවුරුද්දකදී පවත්වනවා. ඉතින් අපිට ඇත්තටමට ලොකුම ප්‍රශ්නය වී ඇත්තේ ක්‍රීඩාංගණ. හැම දිස්ත්‍රික්කයටම ක්‍රීඩාංගණයක්‍හදන්න අපි මේ වන විට කටයුතු කරගෙන යනවා


“ගරු ජනාධිපතිතුමනි, අපි ජාත්‍යන්තර ක්‍රීඩාංගණ 7ක් හදනකොට දිස්ත්‍රික්ක 25 තුල ක්‍රීඩාංගණ 25ක් හදන්න කටයුතු කරනවා. එයින් පහක් හදලා අවසන් කරලා තියෙනවා. ඉතිරි ක්‍රීඩාංගණ ඉදිරි අවුරුදු 4 තුලදී අවසන් කරන්න කටයුතු කරනවා. අද මෙම ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය තුළින් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට මම හිතනවා අලුත් යුගයක් නිර්මාණය වුණා. ගරු ජනාධිපතිතුමනි ඔබතුමා විශේෂ සිදුවීමකට අද මුල පිරුවා. යාපනයේ පෞරාණික නගරය වෙනුවට අලුත් නගරයක් බිහි කරන්න. නවීන පහසුකම්වලින් යුත් නගරයක් ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ බිහි කරන්නට. ඔබතුමා මේ ලබාදුන්න සහයෝගයට ස්තුතිවන්ත වෙමින් මේ අවස්ථාවට පැමිණි සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් සහ ආදරයෙන් පිළිගනිමින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ජය වේවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දියුණුවෙන් දියුණුවට පත් වේවායි ප්‍රාර්ථනා කරනවා“ යැයි ද සුජීව ගොඩලියද්ද මෙම උත්සව සභාවට පැමිණි සියල්ලන්ටම ගෞරවණීය පිළිගැන්වීමක් පුද කරමින් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය කල් යයි!

ලබන සෙනසුරාදා (6) පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ...

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝගයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 02, කොළඹ LNW: ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට...