*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

අද සවස BMICH හි මුදුන්වන රවී

දශක දෙකක නිර්මාණ චාරිකාවක නිරත රවී සිරිවර්ධන සිය සුභාවිත ගීත රචනයේ සැපැමිණි ගමන් මඟ සටහන් කරමින් සැප්තැම්බර් මස 02 දින සවස 5.30 ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී “ඔබෙ සුසුම් පවන්” නමින් පැවැත්වෙන ප්‍රසංගය,ඔහු දශකද්වයක් පුරා නිර්මාණය කළ තෝරාගත් ගීත ගායක ගායිකාවෝ 22ක සහභාගීත්වයෙන් ආලෝකමත් වීමට නියමිතය.
එහිදී ප්‍රවීණ ගායන ශිල්පී කසුන් කල්හාර සමග නිර්මාණය වන නවතම ගීතය ද ශ්‍රාවකයනට පිරිනැමේ.
එමෙන් ම රවී සිරිවර්ධනගේ නිර්මාණ සහ සමකාලීන නිර්මාණ අලලා ලේඛක රුවන් මාපලගම විසින් සංස්කරණය කළ “මේ ගමන”නිර්මාණ විමර්ශන කෘතිය සන්ථව ප්‍රකාශනයක් ලෙස ජනගත වීමට නියමිතයි.
ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය සංගීතවේදී සුගත් හෙට්ටිආරච්චිගෙනි.
”ඔබෙ සුසුම් පවන්” ප්‍රසංගයේ නිර්මාණ අධ්‍යක්ෂණය සම්මානනීය රූපවාහිනී වැඩසටහන් නිර්මාපක උපාලි ආරියසිරි විසිනි.
ප්‍රාසාංගික පිටපත ලේඛක මාධ්‍යවේදී විමල් කැටිපෙආරච්චි.
රංඟන වින්‍යාසය නාට්‍යවේදිනී අමා විජේසේකර වන අතර සහෘද ආමන්ත්‍රණය ප්‍රවීණ සම්ප්‍රවේශක දිල්ශාන් පතිරත්න මෙහෙයවයි.
නිල මාධ්‍ය අනුග්‍රහය ජාතික රූපවාහිනිය විසින් සිදුකරනු ලබයි.

නව පරපුරේ ගේය කාව්‍ය රචක නාමාවලියේ ඉදිරියෙන්ම තැබෙන නමක් වන රවීගේ ගීතය ලද ජාතික මට්ටමේ ඇගයීම් පහත පරිදි ය.2009 වසරේ නිකුත් කළ ප්‍රථම ගේය කාව්‍ය එකතුව වූ “වසත් කාලය” ගේය පද සරණියට රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිකරගත් රවී 2015 වසරේපැවැති රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ විශිෂ්ටම ගේය කාව්‍ය රචකයාට හිමි සම්මානය ද දිනා ගත්තේ ය.
නැවතත් 2016 වසරේ දී ඔහු නිකුත් කළ “රෑ අහස” සංගත තැටිය වසරේ හොඳම සංගත තැටිය ලෙස රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ දී සම්මානයට පාත්‍ර විය.
නව පරපුරේ ගේය කාව්‍ය රචකයකු රාජ්‍ය සාහිත්‍ය සම්මානයත් රාජ්‍ය සංගීත සම්මානයත් යන සම්මාන දෙකම හිමිකරගත් ප්‍රථම අවස්ථාව මෙයයි.
සහෘද – විචාරක මත තහවුරු කරමින් 2021 වසරේ ජපන් රජය විසින් පිරිනමන බුන්කා සම්මානය රවී සිරිවර්ධනට හිමි විය.2000 වසරෙන් පසු නිර්මාණකරනයට පැමිණි නව පරපුරේ ගේය කාව්‍ය රචකයෙකු බුන්කා සම්මානයට පාත්‍ර වු පළමු අවස්ථාව එයයි.

ගේය කාව්‍ය රචනය අතරේ කවියෙකු ලෙස ද අඛණ්‌ඩව නිර්මාණකරනයේ නියැලෙන රවී සිරිවර්ධන 2019 වසරේ නිකුත් කළ “ප්‍රදීපාගාරයක ඇස් බැල්ම” කාව්‍ය සංග්‍රහය රජත පුස්තක සහ ගොඩගේ සාහිත්‍ය සම්මාන සඳහා ද නිර්දේශ විය.
රවීගේ ප්‍රසංගය ගැන පළවෙන විවිධ අදහස් දැක්වීම් අතර රවීගේ සමස්ත භාවිතාවම යම් ආකාරයකින් ලඝු කර ගනිමින් සාහිත්‍යවේදී අනිල් හේරත් ඔහුගේ ප්‍රසංගය සම්බන්ධයෙන් දක්වා තිබූ පූර්විකාව එම පසංගය නරඹන සැමටත්,ඒ සමඟ එන කෘතිය විඳින ඔබටත් රවීව කිහිපාකාරයකින් කියවා ගැනීමට වැදගත් වෙයි.ඒ නිසාම පහතින් අනිල්ගේ සටහන අප උපුටා දක්වන්නට තීරණය කළා.
රවි තමන් කරන දේ ප්‍රාසාංගිකත්වය ඉතා ඉහලින් පෙන්නන්න උත්සාහ කරන කෙනෙක්. තොප්පිය දාපු කාලෙ තොප්පියේ ඉඳන් දැන් තොප්පිය නැතුව කරන දේශපාලනය දක්වා ඒක වලංගුයි.
මීට කලින් රවි “ඉවුරු දෑලට එන්න” වගේම “ප්‍රදීපාගාරයක ඇස් බැල්ම” පොත් දොරට වැඩුම්වලදීත් මේ ප්‍රාසාංගිකත්වය හොඳටම දැනුණා. පෙනුණා.
ඉතින්, මේ පොත් දොරට වැඩුමක් නෙවෙයි ( Ruwan Mapalagama සංස්කරණය කරපු පොත මේ කොන්සර්ට් එකේම දිගුවක්). කොන්සර්ට් එකක්. රවීගෙ කන්සෙප්ට්වලින් හැඩගැහුණු කොන්සර්ට් එකක්.
හෙට තව බොහෝ දෙනා සමඟ ඒ ප්‍රාසාංගිකත්වය විඳින්න මුණගැහෙමු.
එතෙක් රවීටත්, රුවන්ටත්, අනෙක් සියල්ලන්ටත් ජය……!!

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan