අදත් වැසි අතරේ හිරු මුදුන්ව පවතී (02) කාලගුණය)

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (02) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ද ඇති විය හැකි අතර බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් වවුනියා සහ මුලතිවු දිස්ත්‍රික්වලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

කාලගුණ විද්‍යා දෙපාර්තෙමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 40-45ක පමණ තරමක තද සුළං ද ඇතිවිය හැක.

තවද දින දහවල් 12:10ට නවක්කාඩු (පුත්තලම දිස්ත්‍රික්කය), ගල්ගමුව (කුරුණෑගල දිස්ත්‍රික්කය), ඕනෑගම (පොළොන්නරුව දිස්ත්‍රික්කය) යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව අතර, දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේ දී අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතිනු ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තෙමේන්තුව දන්වයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...

යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ජා සඳහා පුටින් හමුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ඇලස්කාව බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සම්බන්ධයෙන්...