*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

නව චින්තනයකට ගිය දකුණු කොරියාව

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දකුණු කොරියානු රජයේ නිවේදනයකට අනුව දැක්වෙන්නේ කොරියාවේ විවාහ සහ දරුවන් කෙරෙහි තරුණ තරුණියන් උනන්දු නොමැති නිසා බලධාරීන් නව උපක්‍රමයක් ලෙසින් ගෘහ සේවය සඳහා විදේශීය ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි.

විදේශීය ගෘහ සේවිකාවන් 100 දෙනෙකුට සෝල් අගනුවර සේවය කිරීමට අවසර දීමේ නියමු වැඩසටහනක් දෙසැම්බර් මස මුලදී ආරම්භ කරන බව දකුණු කොරියානු රජය පවසයි.

දකුණු කොරියාව අධික වූ වයස්ගත ජනගහනය නිසා විවිධ අංශ ශ්‍රම හිඟයට මුහුණ දී සිටින බැවින්, මෙම සැලැස්ම මගින් විදේශීය ශ්‍රමිකයින් සේවයේ නියුක්ත කිරීමට සුදුසුකම් ඇති කර්මාන්ත සහ සමාගම් සංඛ්‍යාව පුළුල් කරනු ඇති බවත්, මෙම නියමු වැඩසටහන මගින් 20ත් 40ත් අතර ද්විත්ව ආදායම්ලාභී විවාහක ජෝඩු, තනි මාපිය කුටුම්භ සහ බහු දරු පවුල් සඳහා විදේශීය ගෘහ සේවිකාවන් යැවීමට ප්‍රමුඛත්වය දෙනු ලබා දීමට බලාපොරොත්තු වන බවයි දකුණු කොරියානු රජය දනුම් දෙන්නේ.

මෙම වැඩසටහන “ගෙදර වැඩ සහ ළමා රැකවරණයේ බර ලිහිල් කිරීම” අරමුණු කර ගෙන ඇති බව එරට අගමැති කාර්යාලය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් පවසන අතර, විදේශීය ගෘහ සේවිකාවන් අවම වශයෙන් වයස අවුරුදු 24 ක් විය යුතු අතර, අපරාධ හෝ මත්ද්‍රව්‍ය සම්බන්ධ ඕනෑම වාර්තාවක් සමාලෝචනය කිරීම ඇතුළුව පසුබිම් පරීක්ෂාවන්ට භාජනය වනු ඇති බව නිවේදනයේ දැක්වෙනවා.

බලධාරීන් සංක්‍රමණිකයන්ගේ සේවා පළපුරුද්ද, දැනුම සහ භාෂා ප්‍රවීණතා කුසලතා ද ඇගයීමට ලක් කරනු ලබනවා. ඔවුන් “විශ්වාසනීය නියෝජිතායතන” හරහා කොරියානු පවුල්වලට යොමු කරන ලබන අතර එමඟින් වැඩසටහනේ සාර්ථකත්වය මාස හයක කාලය තුළ නිරීක්ෂණය කිරීමට නියමිතයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ, දකුණු කොරියාවේ විවාහ සහ උපත් අනුපාත පහත වැටීමේ සාධකයක් ලෙස දිගු කලක් තිස්සේ ළමා රැකවරණය සහ ගෙදර දොරේ වැඩ කිරීමට සිදුවීම හඳුනාගෙන ඇති අතර ජීවන වියදම් ඉහළ යාම සහ උගත් කාන්තාවන් දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ වෘත්තීය ජීවිතය නතර කිරීමට ඇති අකමැත්තද ඒ අතර වන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan