“වීර චූඩාමණී” ගාමිණී ජයසේකර චරිතාපදානය!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03 , කොළඹ (LNW):

ගාමිණී ජයසේකර මහතාගේ ස්වයං ලිඛිත චරිතාපදානය ඇතුලත් ” වීර චූඩාමණී” ග්‍රන්ථය එළි දැක්වීම.

මාතර 45 වන මහ දිසාපතිවරයා වශයෙන් කටයුතු කල දිවංගත ගාමිණී ජයසේකර මහතාගේ චරිතාපදානය ඇතුලත් " වීර චූඩාමණී" ග්‍රන්ථය එළි දැක්වීම 2024 සැප්තැම්බර් මස 7 වෙනි සෙනසුරාදා සවස 2.30 ට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ “ගාමිණී ජයසේකර” ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

ගාමිණී ජයසේකර යනු

මාතර හිටපු 45 වන මහ දිසාපති/දිස්ත්‍රික් ලේකම්වරයා ඔහු වන අතර වසර 34ක රාජ්‍ය සේවා අත්දැකීම් ඇති කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකි.

ඔහුගේ විශේෂත්වය,

  • * සුනාමි ව්‍යසනයට හසුව ඉන් ජීවිතය බේරා ගෙන,දරුණු ලෙස තුවාල ලබා සිටියදී,මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විනාශව තිබියදී,මාතර බෝධිය අසල මේසයක් සහ පුටුදෙකකින් තම කාර්‍යාලය අරඹා මාතර යලි නගා සිටුවීමට කටයුතු කිරීම.
  • * දිවිපරදුවට තබා ක්‍රියාකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ජනරජය පිරිනමන “වීර චූඩාමණී” සම්මානයෙන් පිදුම් ලැබීම.
  • * දැනට එම සම්මානයෙන් පිදුම් ලද එකම පරිපාලන නිළධාරියා සහ එම සම්මානයෙන් පුද ලද දෙවන ශ්‍රී ලාංකිකයා වීම. 

මෙම කෘතිය,

ගාමිණී ජයසේකර මහතා විසින් ඔහු ජීවතුන් අතරින් වෙන් වීමට පෙර රචනා කර තිබූ අතර,පසුව ඔහුගේ පුතු වන අමිල ජයසේකර විසින් සංස්කරණය කර එලි දක්වනු ලැබේ.

අමිල ජයසේකර,සංස්කාරක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...