බානගල නා හිමියන්ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක්!

Date:

කොළඹ LNW:ඉන්දියාවේ සාංචි චේතියගිරි විහාරාධිපති,ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති සහ ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන් පසුගියදා (30) ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමන්ව අග්‍රාමාත්‍ය නිල නිවස වන නව දිල්ලියේ ලෝක් කල්යාන් මන්දිරයේ දී (Lok Kalyan Marg) හමුවිය.

නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ දීර්ඝ කාලීන සමීපතම හිතවතෙකු වන බානගල නා හිමිපාණන් වහන්සේ පසුගියදා ගුජරාට් හි අහමදාබාද් හි පැවති ධම්ම ධර්ම අටවන ජාත්‍යන්තර සමුළුවට සහභාගි වීමෙන් පසු නේපාලයේ ලුම්බිණි විශ්ව විද්‍යාලයේ සහ ලුම්බිණි ශුද්ධ භූමියේ සංචාරයකින් පසු නව දිල්ලියට පැමිණ අග්‍රාමාත්‍යතුමන් හමුවීම සිදුවූ බව සාංචි චේතියගිරි විහාරාධිකාරී බානගල විමල තිස්ස හිමියෝ පවසති.

ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ශ්‍රීමත් ජවහල්ලාල් නේරු අග්‍රාමාත්‍යතුමන්ගේ ඉල්ලීම පරිදි ආරම්භ කළ,මේ වසරේ හැත්තෑ දෙවැනි (72 )වරට පැවැත්වෙන සාංචි මහාබෝධි මහෝත්සවයට සහභාගී වන ලෙස මෙහි දී බානගල නා හිමියන් අග්‍රාමාත්‍යතුමන්ට ආරාධනා කළ බව විමලතිස්ස හිමියෝ පවසති.

මුම්බායේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශකීල් අහමඩ් සිද්දිකි (Shakil Ahamed Siddiqui) මහතා බානගල නා හිමියන් පිළිබඳ රචනා කළ අංජලිකරණීයෝ (Anjalikaraneyo) ග්‍රන්ථයේ පිටපතක් ද මෙහි දී අග්‍රාමාත්‍ය ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදි මැතිතුමන්ට කතුවරයා පිළිගන්වනු ලැබීය.

මෙම අවස්ථාවට බානගල නා හිමියන් සමඟ සාංචි චේතියගිරි විහාරාධිකාරි බානගල විමලතිස්ස හිමියෝ ද ලේඛක ශකිල් සිද්ධිකී මහතා ද බානගල නා හිමියන්ගේ නැගණිය හේමා වික්‍රමරත්න මහත්මිය ද චානක ගුණතුංග මහතා ද එක් වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...