*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 09/03

  1. QR කේතය පදනම් කරගත් ඉන්ධන කෝටා ක්‍රමය අත්හිටුවීමට කටයුතු කළ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි: බොහෝ ඉන්ධන පාරිභෝගිකයන් විසින් ඉන්ධන කෝටාවට වඩා බෙහෙවින් අඩු ඉන්ධන ප්‍රමාණයක් මිලදී ගැනීමට කටයුතු කිරීම තුළ, ඉන්ධන මිල දෙගුණයකටත් වඩා ඉහළ ගිය විට පවා එකී කෝටා ක්‍රමය පවත්වා ගන්නා ලද්දේ අධ්‍යයන අරමුණු සඳහා පමණක් බව ඉන්ධන පිරවුම්හල් හිමියෝ පවසති.
  2. මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ විසින් ඒකපාර්ශ්වික ලෙස බංකොලොත්භාවය නිවේදනය කිරීම හමුවේ, 2022 වසරේ දී ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීම සඳහා චීනයේ තිබූ සැලැස්ම බිඳ වැටී ගොස් ඇති බවට ජාතික දේශප්‍රේමී සාමූහිකයේ ආචාර්ය වසන්ත බණ්ඩාර සිදුකළ අනාවරණයත් සමඟ විශ්ලේෂකයෝ කම්පනයට පත් වෙති: 2022 අප්‍රේල් 12 වන දින ශ්‍රී ලංකාව විසින් කඩිමුඩියේ ණය පැහැර හැරීම නිවේදනය කරන විට ඇ.ඩො. බිලියන 10.7 මුදල් ගලාඒම් (pipe-line of inflows) රටට ලැබීමට නියමිතව තිබූ බවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ලබා දී තිබෙන දිව්රුම් ප්‍රකාශය පිළිබඳව ද අවධානය යොමුකරති.
  3. බස් ගාස්තු 4%කින් ඉහළ දැමීමට හා අවම බස් ගාස්තුව නොවෙනස්ව තබා ගැනීමට ප්‍රවාහන ක්ෂේත්‍රයේ නියෝජිතයෝ ජාතික ගමනාගමන කොමිෂන් සභාවට යෝජනා කරති: බහාලුම් ප්‍රවාහන ගාස්තු 5% කින් වැඩි කරන බව බහාලුම් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය පවසයි.
  4. “උද්ධමනය පාලනය, ආර්ථික වර්ධන ඉලක්ක, මුදල් ස්ථාවරත්වය සහ පොලී අනුපාත කලමනාකරණය” මත පදනම්ව “ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව” (Global Finance Magazine) විසින් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ “A-” ලෙස ශ්‍රේණිගත කර ඇති බව මහ බැංකුව ට්විටර් පණිවිඩයක් නිකුත් කරයි: ශ්‍රී ලංකාව බංකොලොත් යැයි ප්‍රකාශයට පත්වීම, ඉහළම උද්ධමනය සහ පොලී අනුපාත හටගැනීම, කාර්තුවකට 10%කට වඩා ඉහළ කාර්තුමය ආර්ථික හැකිලීම්වලට මුහුණ දීමට සිදුවීම, සහ ශ්‍රී ලංකා රුපියල පුළුල් උච්චාවචනයකට ලක්වීම ආදිය සිදුවූයේ නන්දලාල් ගේ ධුරසමය තුළ වන පසුබිමක, මෙම ප්‍රකාශයේ විශ්වාසනීයත්වය විශ්ලේෂකයෝ ප්‍රශ්න කරති: මෙකී “ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාවට” (මීට ඉහත ට්විටර් යැයි හැඳින්වූ) එක්ස් (X) සමාජ මාධ්‍ය ජාලය තුළ අනුගාමිකයන් 9,693 ක් පමණක් සිටීමත්, ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළ අනුගාමිකයන් 8,300 ක් පමණක් සිටීමත්, සහ ඔවුන්ගේ තොරතුරු ලොව පුරා “සංසරණය” වන්නේ 50,000 ක් අතර පමණක් වීමත් මත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම පුවත පළ කිරීම විසිලුසහගත බව ද පෙන්වා දෙති.
  5. වියළි කාලගුණ තත්ත්වයෙන් දිස්ත්‍රික්ක 20කට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි: වියළි කාලගුණ තත්ත්වය මත කුඹුරු අක්කර 60,000කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි: සමස්තයක් වශයෙන්, පුද්ගලයෝ 279,892 ක් පීඩාවට පත්ව සිටිති.
  6. ශ්‍රී ලංකා රජය සහ ඉකුත් වසරේ ශ්‍රී ලංකා රජය විසින් පැහැර හරින ලද ඇ.ඩො. මිලියන 250 ක බැඳුම්කර යළි අයකර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පැවරූ හැමිල්ටන් රිසර්ව් බැංකුව (Hamilton Reserve Bank) සම්බන්ධ අවනඩුව විසඳීමට තමා මැදිහත්වන බැවින්, එම නඩුවේ තීන්දුව ප්‍රමාද කරන මෙන් එක්සත් ජනපද රජය නිව්යෝර්ක්හි එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණයකින් ඉල්ලා සිටියි: මීට ඉහත, ශ්‍රී ලංකා රජය ස්වෛරී සහ වාණිජ ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා පවත්වන තුරු මාස 6 ක කාලයක් සඳහා තීන්දුව අත්හිටුවන මෙන් ඉල්ලා මෝසමක් ගොනු කර තිබුණි.
  7. මහ බැංකුවේ මුදල් මණ්ඩලය බිම්පුත් මූල්‍ය සමාගමේ (Bimputh Finance PLC) මූල්‍ය ව්‍යාපාර බලපත්‍රය 2023 සැප්තැම්බර් 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරයි: හිඟ ප්‍රාග්ධන මට්ටම, වත්කම්වල ගුණාත්මකභාවයේ ඇති දුර්වලභාවය හා අඛණ්ඩ පාඩු, සහ මෙම බරපතල තත්ත්වය යළි ප්‍රකෘතිමත් කිරීම සඳහා සතුටුදායක ප්‍රගතියක් ලබා නොමැති පසුබිම තුළ බිම්පුත් මූල්‍ය සමාගමේ මූල්‍ය තත්ත්වය කඩා වැටී ඇති බව පවසයි.
  8. ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා (Fumio Kishida) එළඹෙන සතියේ නවදිල්ලියේ පැවැත්වෙන G-20 සමුළුවට යන අතරතුර ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචිමාර්ග පවසයි: ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ අනාගත ආයෝජන අවස්ථා පිළිබඳව සාකච්ඡා කිරීමට ජපාන අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට බොහෝ දුරට ඉඩ ඇති බව ද සඳහන්.
  9. “අධ්‍යාපනයේ ඌනතාවය සහ ආපදාවලට අනුගත වීමේ හැකියාව ශ්‍රී ලංකාවේ බොහෝ මිනිසුන්ට තමා අවදානමට ලක්විය හැකි බවට හැඟෙන සාධක” බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) වාර්තාවක දැක්වෙයි: “ආපදා සඳහා පෙර සූදානම, ණය සහන, ජල මූලාශ්‍රවෙත ඇති ප්‍රවේශය සහ කාන්තා අධ්‍යාපනය වැනි සාධක ආමන්ත්‍රණය කිරීම සඳහා අවධානය යොමු කළ මැදිහත්වීම්වල අවශ්‍යතාවය ඉස්මතු කරමින්,” පුත්තලම, මඩකලපුව, මුලතිව්, කිලිනොච්චි, අම්පාර, වවුනියාව, සහ නුවරඑළිය ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක් බහුමාන අවදානමකට (multi-dimensional vulnerability) ලක්ව ඇති බව ද පෙන්වා දෙයි.
  10. එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ටී-20 ජාත්‍යන්තර තරඟයේදී ශ්‍රී ලංකාව හමුවේ සිය පළමු පරාජය වාර්තා කරයි: චෙල්ම්ස්ෆෝර්ඩ් හි පැවැත්වූ මෙම තරඟයෙන් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමින් තරඟාවලියේ ස්ථානගත වෙයි: එංගලන්තය 104 (18); ශ්‍රී ලංකාව 110/2 (පන්දුවාර 13.2): චමරි අතපත්තු පන්දු 31 ට ලකුණු 55.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan