ආයතන  රැසක් කෝප් කමිටුව හමුවට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට ලබන සතිය තුළදී,  ආයතන කිහිපයක්  කැඳවීමට නියමිත බවයි  වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අනිද්දා (05) දිනයේ වරාය අධිකාරියේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිත බවත් , මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන් ලබන 06 වනදා කෝප් කමිටුව හමුවට කැඳවීමටත් නියමිත බවයි .

තවද, ලබන 08 වන දින කළුබෝවිටියාව තේ කර්මාන්ත ශාලාවේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බවද වාර්තා වෙයි.

මේ අතර, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලබන සතියේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත කැඳවීමට නියමිත ව ඇති අතර, සැප්තැම්බර් මස 06 වන දින රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රැස්වෙන අතර, එදිනට ඔවුන් කැඳවා ඇති බවද සඳහන්.

මේ අතර, සැප්තැම්බර් මාසය සඳහා පාර්ලිමේන්තුව අනිද්දා දිනයේ රැස්වීමට නියමිත අතර, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය සැප්තැම්බර් 06, 07 සහ 08 යන තෙදින තුළ පැවැත්වීමට නියමිත අතර සැප්තැම්බර් මස 08 වන දින පස්වරු 05.30ට පමණ සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති  බවද සඳහන් .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෝටර් රථයක් වැනි දෙයක් වෙනුවෙන් රුපියල් බිලියන ගාණක් වියදම් කරන්න තර​ම් මං මෝඩ නෑ – ඩඩ්ලි සිරිසේ​න

මෑතකදී අතිශය කතාමැ​වූ ඩඩ්ලි සිරිසේ​න මහතාගේ ​රෝල්ස් රොයිස් Phantom...

හරිනි ප්‍රමුඛ මාළිමාව යනු ජ.වි.පෙ. නසන ටර්මිනේටර්ලාද ?

ජ.වි.පෙ. යනු ප්‍රතිපත්තිමය දේශපාලනයක නිරතව සිටි පක්ෂයකි. (ඒ ප්‍රතිපත්‍ති...

පුදුමාකාර විදියට දුක්වීම ….

දඹානට ගිය ගමනෙදීආදි වාසීන් දැකලාආදි මදි යැයි කියානන්දනී වරුසවිතාන...

දවසේ උපුටා දැක්වීම: Google හි CEO සුන්දර් පිචායි ගෙන් ජීවිතයට ඔවදනක්! 

සටහන – පුලී ජනවාරි 23, කොළඹ (LNW): තාක්ෂණය ගොඩනඟන විට...