නායයෑමේ රතු නිවේදනයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් , දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 19 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ අවදානම් නිවේදනය අද(03 වනදා ) පෙරවරුවේ නිකුත් කරනු ලැබ තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති එම නිවේදනයට අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගහ, ඇල්පිටිය සහ නාගොඩ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට පළමු මට්ටමේ නායයෑමේ අවදානම් නිවේදනය නිකුත් කර ඇති අතර කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, පාලින්දනුවර,මතුගම සහ ඉංගිරිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට පළමු මට්ටමේ අවදානම් නිවේදනය සහ බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට දෙවැනි මට්ටමේ අනතුරු ඇගවිමේ නිවේදනයද නිකුත්කර ඇත.

තවද, කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල,බුලත්කොහුපිටිය,යටියන්තොට, දැරණියගල, සහ දෙහිඔවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට පළමු මට්ටමේ නායයෑමේ අවදානම් නිවේදනය නිකුත් කර ඇති අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන කිරිඇල්ල සහ අයගම යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට පළමු මට්ටමේ ආදානම් නිවේදනය සහ ඇහැලියගොඩ, කුරුවිට සහ රත්නපුර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවැනි මට්ටමේ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයද නිකුත් කර ඇත.

ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එම ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ
මෙම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස තුල පසුගිය පැය 24 ක කාලය තුල මිලි මීටර් 75 ඉක්මවූ වර්ෂාපතනයක් වාර්තා වී ඇති බැවින් තව දුරටත් වැසි පවතී නම් නාය යෑමේ අවදානම ගැන විමසිලිමත් වන ලෙසයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ සංඛ්‍යාව 486ක් දක්වා ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ආපදා මරණ...

සාවාරු ගං ඉවුරෙන් හමු වූ අත්බෝම්බ සහ උණ්ඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW : අද (04)දින කින්නියා...

සජිත් සමාව ගනී!

කොළඹ LNW: පසුගියදා මහනුවර නගර සභා පරිශ්‍රයේදී සෝමේ (soome)...