157 වන පොලිස් දින සැමරුම වෙනුවෙන් සර්ව ආගමික වැඩසටහන් රැසක් ඇමති ටිරාන්ගේ ප්‍රධානත්වයෙන්

Date:

අද (03) දිනට යෙදෙන 157 වන පොලිස් දින සැමරුම නිමිති කරගනිමින් සර්ව ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබිණි.

මීට සමගාමීව ඊයේ රාත්‍රී 07.30 සිට පැවැත්වූ පරිත්‍රාන ධර්ම දේශනාව හා අද දින හීල් දානමය පින්කම කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ 04 වන මහලේ පිහිටි සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

එහි හින්දු ආගමික වතාවත් පැවැත්වීම අද පෙරවරු 8.30ට බම්බලපිටිය නව කදිරේෂන් හින්දු කෝවිලේදී පැවැත්වූ අතර පෙරවරු 09.30ට මෝදර, ශාන්ත ජේම්ස් කතෝලික දේවස්ථානයේදී කතෝලික දේව මෙහෙය පැවැත්විණි.

ඉස්ලාම් ආගමික වතාවත් පැවැත්වුණේ කුරුඳුවත්ත දවටගහ මුස්ලිම් දේවස්ථානයේදී ය.

මෙම අවස්ථාවන් සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා, බස්නාහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ප්‍රමුඛ ජ්‍යේෂ්ඨ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් නිලධාරීන් රැසක් සහභාගී වූහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : කඩුවෙල නගරාධිපතිගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ඇප මත නිදහස්

නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන...

සුඩානයේ සිවිල් යුද්ධයට වහාම සටන් විරාමයක් අවශ්‍යයි – Antonio Guterres

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ කුරිරු සිවිල්...

රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස් දෙනෙකුට දිවි අහිමි වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : පැය 24ක් තුල...

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දාට පැය 72ක රැඳවුම් නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW: අත්අඩංගුවට ගෙන සිටින හිටපු...