ඓතිහාසික අනුරාධපුරයෙන් ආපු අනුර කුමාර මහපොළොවේ පැලවෙලා රටට සෙවණ දෙන මහා වෘක්ෂයක් – සමන්ත

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පවුල් දේශපාලනය පසෙකට දමමින් මහපොළවෙන් පැමිණි එකම නායකයා අනුර කුමාර දිසානායක මහතා බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

“රනිල්ට ජනාධිපති අපේක්ෂකත්වය ලැබුණෙ හිටපු ජනාධිපති ජේ.ආර්. එයාගේ මාමා වුණු නිසා. රනිල් දක්ෂයෙක්වත් වැඩකාරයෙක්වත් නොවෙයි. ඒ ගොල්ලෝ තමයි මේ රටේ මේ අර්බුදයේ පීතෘවරු. එයා තමයි රට වැඩියෙන්ම ණය කරේ. අවුරුදු හතළිස් අටක් එයා පාර්ලිමේන්තුවේ. ලංකාවේ පැරණිම රාජධානිය, අනුරාධපුරයයි. ඉන්පසු අපේ රටේ සියලු රාජධානි බිඳ වැටුණා. අන්තිමට අපේ රට සුද්දාට යටත් වුණා. එක්දහස් නමසිය හතළිස් අටේ ඊනියා නිදහසක් ලැබුණා. දැන් අර ඓතිහාසික අනුරාධපුර නගරයෙ හැදීවැඩිලා, එහෙ ඉගෙන ගෙන කැලණි විශ්වවිද්‍යාලයට ඇවිල්ලා, භෞතික විද්‍යාව පිළිබඳව විශේෂ උපාධිය දිනාගෙන, පවුල් දේශපාලනය පැත්තකට දාලා මහ පොළොවෙන් ආපු එකම නායකයා අනුර කුමාර දිසානායක සහෝදරයා පමණයි. ඔහු මහපොළොවේ පැලවෙලා රටට සෙවණ දෙන මහා වෘක්ෂයක් බවට පත්වුණු නායකයෙක්”

සමන්ත විද්‍යාරත්න මහතා මේ බව පැවසුවේ පෙරේදා (02) බදුල්ල නගරයේ පැවති ජන රැලියක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...