වැට් වැඩිකරන්නේ නෑ.වැඩිවෙලා තියෙන වැටුප ගැන හිතන්න – සියඹලාපිටිය රාජ්‍ය සේකයින්ට කියයි!

Date:

කොළඹ LNW:රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිකිරීමට රජය ගත් තීන්දුව ජන්ද ගුණ්ඩුවක් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේය.

ඒ, අද (04) කොළඹදී පුළුවන් ශ්‍රී ලංකා මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එම වැටුප් වැඩිකිරීම ලබන ජනවාරි මාසයේ සිට අනිවාර්යයෙන් ලබාදෙන බවයි සියඹලාපිටිය මහතා සඳහන් කළේ.

”ජනාධිපතිවරයා පුලුවන් පළමු අවස්ථාවේදී රාජ්‍ය සේවකයාට රු.10000කින් වැටුප් වැඩිකළා. 10 දෙනෙකුගේ කමිටුවක් අපි දැම්මා. ඒක අතුරු වාර්තාවක් දීලා තියෙනවා. ජනාධිපතිවරයා ඒක කැබිනට් එකට දැම්මා. ඒකේ තමයි 2025 ජනවාරි 25000කින් වැටුප වැඩිකරන්න යෝජනා කරලා තියෙන්නේ. මේ මුදල කැබිනට් එක අනුමත කරලා තියෙන්නේ. මේක ජන්ද ගුණ්ඩුවක් නෙවෙයි. මේක අනිවාර්යයෙන්ම දෙනවා. දැන් තියෙන්නේ 2025 අයවැයට එකතුකරන්න. රාජ්‍ය සේවකයාට ක්‍රමානුකූලව සහන ලබාදෙන එකක් තියෙන්නේ. මේක කැබිනට් එක අනුමත කරලා විධායකය අනුමත කරලා තියෙන්නේ. තැපැල් ජන්දය තියෙන වෙලාවේ රාජ්‍ය සේවකයින් මේවා ගැන හිතන්න. වැට් එක වැඩිකරන්න අවශ්‍ය වෙන්නේ නෑ මේ මුදල ලබාදෙන්න.ආදායම් තුළින් මෙය ලබාදෙන්න පුලුවන්.” යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පවසන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමන්ටත් ඩුබායි හී දී රිදී පදක්කමක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 13, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...

2026 බංග්ලාදේශ මැතිවරණය: BNP පක්ෂයේ ජයග්‍රහණය සහ නව රජය

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 වසරේ ඇති...

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි!

කොළඹ LNW:ලංකා සම සමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍යවරයෙක් වූ...

හිටපු RMV නියෝජ්‍ය කොමසාරිස්වරියක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මුදල් අමාත්‍යාංශයේ වෙළද...