වැට් වැඩිකරන්නේ නෑ.වැඩිවෙලා තියෙන වැටුප ගැන හිතන්න – සියඹලාපිටිය රාජ්‍ය සේකයින්ට කියයි!

Date:

කොළඹ LNW:රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිකිරීමට රජය ගත් තීන්දුව ජන්ද ගුණ්ඩුවක් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේය.

ඒ, අද (04) කොළඹදී පුළුවන් ශ්‍රී ලංකා මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එම වැටුප් වැඩිකිරීම ලබන ජනවාරි මාසයේ සිට අනිවාර්යයෙන් ලබාදෙන බවයි සියඹලාපිටිය මහතා සඳහන් කළේ.

”ජනාධිපතිවරයා පුලුවන් පළමු අවස්ථාවේදී රාජ්‍ය සේවකයාට රු.10000කින් වැටුප් වැඩිකළා. 10 දෙනෙකුගේ කමිටුවක් අපි දැම්මා. ඒක අතුරු වාර්තාවක් දීලා තියෙනවා. ජනාධිපතිවරයා ඒක කැබිනට් එකට දැම්මා. ඒකේ තමයි 2025 ජනවාරි 25000කින් වැටුප වැඩිකරන්න යෝජනා කරලා තියෙන්නේ. මේ මුදල කැබිනට් එක අනුමත කරලා තියෙන්නේ. මේක ජන්ද ගුණ්ඩුවක් නෙවෙයි. මේක අනිවාර්යයෙන්ම දෙනවා. දැන් තියෙන්නේ 2025 අයවැයට එකතුකරන්න. රාජ්‍ය සේවකයාට ක්‍රමානුකූලව සහන ලබාදෙන එකක් තියෙන්නේ. මේක කැබිනට් එක අනුමත කරලා විධායකය අනුමත කරලා තියෙන්නේ. තැපැල් ජන්දය තියෙන වෙලාවේ රාජ්‍ය සේවකයින් මේවා ගැන හිතන්න. වැට් එක වැඩිකරන්න අවශ්‍ය වෙන්නේ නෑ මේ මුදල ලබාදෙන්න.ආදායම් තුළින් මෙය ලබාදෙන්න පුලුවන්.” යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පවසන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ හොඳම ඡායාරූපය Vegard Grott ගේ ‘Shadows’

නිශ්මං රණසිංහ දෙසැම්බර් 07, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සංගමය...

චමරිලා ලෝක සූරියන් මුණ ගැසී රටට සතුට රැඟෙන එන්න සූදානමින්….

නිශ්මං රණසිංහ දෙසැම්බර් 07, කොළඹ LNW: කාන්තා එක්දින ලෝක සූරියන්...

ජාතික ආපදා සහන සේවා මධ්යස්ථානයෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : 2025 "දිට්වා" සුළි...

සුඩානයේ මරාගෙන මැරෙන ඩ්‍රෝන් ප්‍රහාරයක් හේතුවෙන් දරුවන්ද ඇතුළුවන් 114 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 07: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...