සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 04, කොළඹ LNW: සවුදි අරාබියේ දී,2026 දී පවත්වන්නට නියමිත අවුරුදු 23 න් පහළ ආසියානු කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් කිර්ගිස්තානයේ පැවත්වෙන තරගාවලියට ඊ කාණ්ඩයෙන් තරග වඳින ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු තරගයෙන් 4-0 ක් ලෙස පරාජය ලැබුවේය.තරගයේ විවේක කාලයට ගෝල 2 ක් සහ විවේකයට පසුව ගෝල 2 ක් ලෙස උස්බෙකිස්තානය ලකුණු රැස් කරනු ලැබීය.
ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේදී තම කණ්ඩායම ගෝල් ලබා ගත යුතුය කියන කාරණයට වඩා ප්‍රතිනාදීන් ගෝල ලබා ගැනීම වැළක්විය යුතුය කියන කාරණය සිතේ තබාගෙන ආක්‍රමණය පසෙක තබා ආරක්ෂාව ගැනම වෙහෙසුන බවක් දකින්නට ලැබිණි.එක් අවස්ථාවක උස්බෙකිස්තාන ක්‍රීඩකයෙකුව නීති විරෝධි ලෙස තල්ලු කරමින් ගෝලය වෙත ප්‍රහාරයක් එල්ල කරන්නට කටයුතු කළ ද,එය නිල ගෝලයක් ලෙස පිළිගැණුනේ නැත.
ප්‍රතිවාදීන්ව ආක්‍රමණය කිරීම සහ එම දැල වෙත පන්දුව ගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉදරියට පැමිණිමට මැලිකමක් දක්වන අයුරු තරගය පුරාම දකින්නට ලැබුණු දුර්වලකමක් විය.ආරක්ෂාව ගැන ඕනවට වඩා සිතන්නට යාම වදයක් වන තරමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ මනසට සහ සිරුරට ඇති කළ බලපෑම නිසා ඇති වූ පළුඳුවලින් උස්බෙකිස්තානයට ගෝල ලබා ගැනීමට ඉඩ පෑදුණු අතර ආක්‍රමණය කිරීම සඳහා උත්සාහ කළේනම් ප්‍රතිපලය මීට වඩා වෙනස් වන්නට තිබිණ.පන්දුව උස්බෙකිස්තාන දැල සීමාවට යොමු කිරීමට වඩා ශ්‍රී ලංකා සීමාවේ උස්බෙකිස්තානයට නොදී ආරක්ෂා සහිතව පාලනය කිරීමට ගත් උත්සාහයන් ශ්‍රී ලංකාවට එරෙහිව ගෝල රැස් කරන්නට උස්බෙකිස්තානයට අවස්ථාව උදා කර දුන් බවක් තරගය අධ්‍යයනය කිරීමේදී පැහැදිළි වනු ඇත.එහි තිබූ ලිහිල් තැන්වලින් පන්දුව ගෝලයට යොමු කිරීමට ලැබුණු අවස්ථාවන්වලින් තවත් ගෝල උස්බෙකිස්තානයට නොලැබී ගියේ ශ්‍රී ලංකා දැල් රකින්නාගේ දක්ෂතාවය නිසාය.
ආරක්ෂාව තර වුව ද එහි සැළසුමක් සහ විධිමත් බවක් නොතිබිණ.පීඩනය පසෙක තබා වඩාත් සැහැල්ලුවෙන් තරගයට මුහුණ දීමට අවශ්‍යය මානසිකත්වය ඇතුළත ප්‍රතිවාදියා සම්බන්ධයෙන් යෝධයෙකු ලෙස නොවන සමානයෙකු ලෙස සිතිය හැකි හැඟීමක් සෑම ලාංකේය ක්‍රීඩකයෙකුගේම මනසට එන්නත් කිරීම සාර්ථකත්වයට අදාළ වනු ඇත.එසේ නොවීම නිසා තරගයය ක්‍රියාත්මක වුණු කාලය පුරාවටම වැඩිම කාලයක් දකින්නට ලැබුණේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහ උස්බෙකිස්තාන් ක්‍රීඩකයින් ක්‍රීඩා පිටියේ එකම පැත්තක ක්‍රීඩා කිරීමය.