කෙහෙළියට එරෙහි විශ්වාසභංගය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව එළැඹෙන 6,7 සහ 8 යන දිනවල විවාදයට ගැනීමට පසුගිය දා රැස්වු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය අතර එම විශ්වාසභංග යෝජනාව පිළිබඳ ආණ්ඩු පක්ෂයේ බොහෝ පිරිසකගේ අවදානයට යොමුව තිබේ.

යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම එළැඹෙන 08 වනදා පස්වරු 5.30ට පැවැත්වීමට නියමිත අතර , මෙම යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂ සමඟ එක්ව කටයුතු කරන බව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරයි.

පවතින තත්ත්වය තුළ විශ්වාසභංගය පරාජයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු මෙහෙයවීමට ආණ්ඩුව මේ වන විට විශේෂ කමිටුවක් ද පත්කර ඇති අතර ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට මෙම සතිය තුළ විදෙස් ගමන් තහනම් කර ඇති බවද වාර්තා වේ.

මේ අතර රට තුළ පවතින සෞඛ්‍ය අර්බුදය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ, ආගමික නායකයින් සහ සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් අද සිට ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇති අතර, එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ පවතින සෞඛ්‍ය අර්බුදය සම්බන්ධයෙන් සමාජයට තුළ නිසි අවබෝධයක් ඇති කිරීම වෙනුවෙන් මෙම වැඩපිළිවෙල දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: කින්ග් ඛාන් පවුලට මෙන්ම බොලිවුඩයට නව සන්ධිස්ථානයක් එක් කළ ආර්යන් ඛාන් ගේ “The Ba**ds of Bollywood”!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න – ජනපති

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන්...

ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාව මතීෂ විජේසේකරට සහ නෙත්මි වික්‍රමසිංහට

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය විසින්...

සජිත් – මෛත්‍රී මුලසුනේ. විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ හමුවක්. රනිල් වෙනුවෙන් විපක්ෂයෙන් කමිටුවකුත් හදයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ...