මුසම්මිල්ගේ සහය සජිත්ට – ආණ්ඩුකාර ධූරයත් අතහරී

Date:

කොළඹ LNW:ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.

ඒ බව දැනුම් දෙමින් ඔහු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් ආණ්ඩුකාර තනතුරින් ඉල්ලා අස්වෙන බව ප්‍රකාශ කර ඇත.

මුසම්මිල් මහතා 2011 සිට 2016 දක්වා කොළඹ නගරාධිපති ලෙස කටයුතු කළ අතර 2017 – 2019 යහපාලන ආණ්ඩුව සමයේදී ඔහු මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරන ලදී.

පසුව 2019 වසරේදී බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත්වූ ඔහු 2020 වසරේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඌව පළාතේ ආණ්ඩුකාර ධුරයට පත්කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...

විපක්ෂ නායක සජිත්ගේ උපන්දිනය අද. සජබ – එජාප සමගියට නව බලාපොරොත්තුවක් ?

සමගි ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

CIDය කොළඹ ජාතික රෝහලේදී රනිල්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ජාතික රෝහලේදී හිටපු ජනාධිපති රනිල්...

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...