ශ්‍රීලනිප තරුණ සන්ධානයේ සහය නාමල්ට!

කොළඹ LNW:එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සන්ධානයේ සහය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙත ලබා දීමට තීරණය කර තිබේ.

ඊට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (05) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදුකෙරුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රචාරක ලේකම් හා හිනිදුම ආසන සංවිධායක තිරස ගුණසිංහ යන මහත්වරුන් විසින් එම ගිවිසුමට අත්සන් තබන ලදී.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැඟීම හුදෙක්ම ප්‍රතිපත්තිමය කාරණයක් මිස පුද්ගලයෙක් හෝ පක්ෂයක් සමඟ පැවැති පෞද්ගලික අමනාපයක් නොවන බවයි.

බොහෝ අවස්ථාවල පාර්ලිමේන්තුවට අන පනත් ගෙන එන්නේ ද පෞද්ගලිකත්වය කේන්ද්‍ර කරගෙන බවට රාජපක්ෂ මහතා කියාසිටියේය.

තම පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිකළේ පංච මහා බලවේගය කේන්ද්‍ර කරගත් රණවිරුවා,රටවිරුවා නියෝජනය නොවුණු යහපාලන ආණ්ඩුවට මුහුණ දෙන්න අවශ්‍ය දේශීය චින්තනය ගොඩනඟපු, දේශීයත්වය අගය කළ, රට ජාතිය ආගම සුරක්ෂිත කළහැකි දේශපාලන බලවේගයක් ගොඩනැඟීමට බවද ඔහු ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ඉරාන ගුවන් සමාගම් සදහා සිය ගුවන් අවකාශය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකාව විසින්...

උද්ධමනය සහ පොලී අනුපාතික : ඉදිරියේදී වෙන්නේ මොනවාද ?

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2026 අගෝස්තු මාසයේ උද්ධමනය...

වැසි තත්වයේ වෙනසක් – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන...

කෝටි 30ක මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල රුපියල් කෝටි 30කට අධික වටිනාකමින් යුත්...