නිශ්මං රණසිංහ සැප්තැම්බර් 05, කොළඹ LNW:
ලොව කණිෂ්ඨ කාන්තා යුගල ශ්‍රේණිගත කිරීම්වල 54 වන තැන සහ වීවෘත කාන්තා යුගල ශ්‍රේණිගත කිරීම්වල 99 වන තැන සිටින ලාංකේය ක්‍රීඩිකාවන් වන 16 හැවිරිදි වියේ පසුවන ඉසුරි අත්තනායක සහ සිතුමි ද සිල්වා ස්ලොවේනියාවේ පැවත්වෙන SLOVENIA LI-NING Future Series 2025 තරගාවලියේ අවසාන යුගල අට දක්වා පැමිණීමට සමත් වෙනවා.
තරගාවලියට සහභාගි වන කාන්තා යුගල අතරින් දෙවන තැන සිටිමින් තරගාවලිය අරඹන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනා 16 දෙනාගේ වටයේදී තරග වඳින්නේ එංගලන්තය නියෝජනය කරන 34 හැවිරිදි විවියන් චෙන්ග් සහ 33 හැවිරිදි පෙගී ලියොන්ග් සමඟයි. ඉසුරිට සහ සිතුමිට වඩා වයසෙන් දෙගුණයක් වූ එංගලන්ත තරගකාරියන් දෙපළ සමඟ විනාඩි 37 ක් ක්‍රියාත්මක වූ තරගයේදී ඉසුරි සහ සිතුමි ලකුණු 21 – 16,24-22 සහ 21-8 ක් ලෙස තරගය ජය ගන්නට සමත් වෙනවා.
එහෙත් සිය යුරෝපීය තරග අත්දැකීම අවසන් අට දෙනාගේ වටයේදී නිමාවට පත් කරන්නට සිඳුවන ඉසුරිට සහ සිතුමිට චෙක් ජනරජය නියෝජනය කරන කැත්රිනා ඔස්ලඩිලෝවා සහ වැන් කොපිනොලේ වෙතින් වට 2-0 ක පරාජයක් අත් විඳන්නට සිඳු වෙනවා.විනාඩි 25 ක් පුරා පැවති තරගයේදී චෙක් ක්‍රීඩිකාවන් දෙදෙනාට පළමු වටයේදී ලකුණු 20 – 22 ක් ලෙස තියුණු සටනක් ලබා දෙන්නට ඉසුරි සහ සිතුමි සමත් වුව ද,දෙවන වටය චෙක් ක්‍රීඩිකාවන් දෙදෙනා ලකුණු 21-12 ක් ලෙස ජය ගන්නට සමත් වෙනවා.
