ඊළඟ අරගලය හටගන්නේ මිනිස්සුන්ට බඩගින්න දරාගැනීමට නොහැකි වීම නිසා වන අතර එය මර්දනය කිරීමට කොහෙත්ම හැකියාවක් නොලැබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්.මරික්කාර් මහතා අවධාරණය කළේය.
මේ වන විට ජනාධිපතිගේ සහ ඔලමොට්ටල ඇමතිවරුන්ගේ නහර රබර් වී තිබෙන හෙයින් ඒවා ලේ ටිකක් යන ලෙස හදා ගන්නා ලෙසයි මන්ත්රීවරයා පැවසුවේ.
ජනතාවගේ ගැටළු හඳුනාගෙන සාධනීය පියවරක් නොගතහොත් අනාගතය ඉතා බරපතල තැනකට පත්වෙන බව හෙතෙම ප්රකාශ කරන ලදී.
විදුලිය සහ ජලය සඳහා නිෂ්පාදන මිල වැඩිනම් එය ඉහළ ආදායම ලබන තැනැත්තන්ගෙන් අයකරනවා මිස පහළ ආදායම් ලබන ජනතාවගෙන් එය අයකිරීම ගැන එකඟවිය නොහැකි බවද මන්ත්රීවරයා පෙන්වාදුන්නේය.
ASK