සරණාගතයන් ලෙස ඉන්දියාවට ගිය 3800 ක් යළිත් එන්න කැමැත්තෙන් – සොයා බැලීමට කමිටුවක් පත් කරයි

Date:

යුද සමයේ සරණාගතයන් ‌ලෙස ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම කමිටුව පත්කළ බවයි.

ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ආගමන විගමන පාලක ජනරාල්වරයා, විදේශ කටයුතු අමාත්‍යංශයේ ජෙෂ්ට නිළධාරියෙක්, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ට නිළධාරියෙක්, අධිකරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ට නිළධාරියෙක් පත්කර තිබෙනවා.

සරණාගතයන් ලෙස ඉන්දියාවට ගොස් සිටින ශ්‍රීලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා, ඊළාම් සරණාගතයන් පුනරුත්තාපනය කිරීමේ සංවිධානයේ ඉල්ලීම පරිදි අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී එළඹි තීරණයකට අනුව මෙම කමිටුව පත්කර තිබේ.

ඊළාම් සරණාගතයන් පුනරුත්තාපනය කිරීමේ සංවිධානය පෙන්වා දී තිබෙන්නේ යුද්ධය හේතුවෙන් සරණාගතයන් ලෙස ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් 58,000 කට අධික පිරිසෙන් 3800 ක් පමණ යළි ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...