සරණාගතයන් ලෙස ඉන්දියාවට ගිය 3800 ක් යළිත් එන්න කැමැත්තෙන් – සොයා බැලීමට කමිටුවක් පත් කරයි

Date:

යුද සමයේ සරණාගතයන් ‌ලෙස ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම කමිටුව පත්කළ බවයි.

ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ආගමන විගමන පාලක ජනරාල්වරයා, විදේශ කටයුතු අමාත්‍යංශයේ ජෙෂ්ට නිළධාරියෙක්, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ට නිළධාරියෙක්, අධිකරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ට නිළධාරියෙක් පත්කර තිබෙනවා.

සරණාගතයන් ලෙස ඉන්දියාවට ගොස් සිටින ශ්‍රීලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා, ඊළාම් සරණාගතයන් පුනරුත්තාපනය කිරීමේ සංවිධානයේ ඉල්ලීම පරිදි අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී එළඹි තීරණයකට අනුව මෙම කමිටුව පත්කර තිබේ.

ඊළාම් සරණාගතයන් පුනරුත්තාපනය කිරීමේ සංවිධානය පෙන්වා දී තිබෙන්නේ යුද්ධය හේතුවෙන් සරණාගතයන් ලෙස ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් 58,000 කට අධික පිරිසෙන් 3800 ක් පමණ යළි ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිතල සටනට එන රුසියානුවන් යුද උණුසුමට සම්බන්ධ නැද්ද කියා සැකයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: යුක්රේනය සමග ඇති යුද්ධයට...

චීන – ඇමරිකානු නායකයින් අතර දුරකථනයෙන් සාකච්ඡාවක්

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං ඊයේ(04) රාත්‍රියේ ඇමරිකානු...

පොරොන්දු වුණ විදිහට විදුලි ගාස්තු අඩුකරනවා – ඇමති පාර්ලිමේන්තුවේදී සහතික වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පොරොන්දු වූ පරිදි වසර තුනක් ඇතුළත විදුලිය...