*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

පෝට් සිටියේ “The Mall” තීරු බදු රහිත සාප්පු සංකීර්ණය ජනපති අතින් විවෘත කෙරේ

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ වරාය නගර පරිශ්‍රයේ අලුතින් ඉදිකරන ලද “The Mall” තීරු බදු රහිත සාප්පු සංකීර්ණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඊයේ (05) පස්වරුවේ විවෘත කෙරිණ.

මෙම කලාපයේ ඉදිකරන ලද ප්‍රථම නාගරික තීරුබදු සාප්පු සංකීර්ණය මෙය වන අතර භාණ්ඩ අලෙවිසැල්, ආපන ශාලා සහ අනෙකුත් වෙළෙඳසැල් වලින් එය සමන්විත වේ. මේ සාප්පු සංකීර්ණයෙහි One World, China Duty Free Group (CDFG) සහ Flemingo යන ලොව ප්‍රකට තීරුබදු රහිත වෙ‍ළෙඳ සැල් සිය මෙහෙයුම් කටයුතු ඇරඹීමට නියමිත අතර ඒ සමඟ කොළඹ වරාය නගරය මෙම කලාපයේ සාප්පු සවාරි ගමනාන්තයක් ලෙස පිළිගැනීමට ලක්වනු ඇත.

සමරු ඵලකය නිරාවරණය කර, සාප්පු සංකීර්ණය විවෘත කළ ජනාධිපතිවරයා අනතුරුව එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“අද වරාය නගරයේ මෙම තීරු බදු රහිත මධ්‍යස්ථානය ආරම්භ කිරීම ඉතා වැදගත් අවස්ථාවක් බව කිවයුතුයි. අපේ සංචාරක ව්‍යාපාරය මේ වන විට ගෝලීය මට්ටමට පැමිණ තිබෙනවා. මෙම තීරුබදු රහිත සාප්පු සංකීර්ණය නිසා සංචාරකයන් මෙහි පැමිණෙනවා. ඔවුන්ට භාණ්ඩ ලබාගත හැකි ආකාරයට සාප්පු සංකීර්ණ ඉදිකර අප මෙම වරාය නගරය සංවර්ධනය කර තිබෙනවා. මෙය වරාය නගරයේ ආරම්භයයි.

මීට වසර දෙකකට පෙර වරාය නගරය මේ අයුරින් දියුණු කිරීමට හැකි වනු ඇතැයි අපට කිසිදු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගෙන අප රට තුළ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කළ නිසා අද මේ වැඩකටයුතු කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව මෙන්ම අපට ණය ලබාදුන් රටවල් 18ක් සමඟ අපි ගිවිසුමකට එළැඹ තිබෙනවා. එම ගිවිසුම් වෙනස් කරන්නේ නැතිව ඉදිරියට ගියහොත් අපේ රටට හොඳ අනාගතයක් තිබෙනවා. එම ගිවිසුම් සංශෝධනය කිරීමට උත්සහ කළොත් මේ ඉදිරි කටයුතු ගැන අපට බලාපොරොත්තු තබා ගත නොහැකියි.

විශේෂයෙන්ම සමාගම් 100ක් පමණ අද වරාය නගරය කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. එයින් සමාගම් 74ක් මේ වසර අවසන් වන විට ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. මීට අමතරව අපි කොළඹ කොටුවේ අලුත් සංචාරක කලාපයක් ආරම්භ කරනවා. ඒ සමඟ මෙම ස්ථාන වෙත පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය වැඩි වෙනවා.

පොලිස් මූලස්ථානය එම ස්ථානයෙන් ඉවත් කර තිබෙනවා, ඒ වගේම විදේශ අමාත්‍යාංශය නව ගොඩනැගිල්ලක් වෙත ගෙන යනවා. ජනරජ චතුරශ්‍රය අලුත්වැඩියා කර එහි මධ්‍යයේ නව ගොඩනැගිලි ඉදිකර මෙම ප්‍රදේශය සංචාරක කලාපයක් බවට පත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සමඟම පැරණි තැපැල් ගොඩනැගිල්ල ද සංචාරක කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් යොදා ගැනීමට අපට අවස්ථාව තිබෙනවා. පැරණි වරාය සහ එහි ජැටියත්, පැරණි රේගු ගොඩනැගිල්ලත් ඒ සියල්ලම සංචාරක ව්‍යාපාරය සඳහා යොදා ගන්නවා.

නාවුක හමුදා මූලස්ථානය දැන් අකුරේගොඩට ගෙන ගොස් තිබෙන නිසා එම ස්ථානයේ නව හෝටල් ඉදිකිරීමට හැකියාව තිබෙනවා. වර්තමාන ජනාධිති මන්දිරය ද සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා යොදාගනිමින් පුළුල් සංචාරක කර්මාන්තයක් මෙහි ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා.

මේ රට දියුණු කිරීමට නම් සංචාරකයන් වැඩි පිරිසක් ගෙන්වා ගත යුතුයි. ඒ වගේම එමගින් උපයා ගන්නා ආදායම ද ඉහළ නංවාගත යුතුයි.

වසර දෙකක් තුළ මෙවැනි සාප්පු සංකීර්ණයක් ආරම්භ කිරීමට හැකිවීම පිළිබඳ අප අඩම්බර විය යුතුයි. වර්ග මීටර් 7000ක් ඇතුළත ලෝකයේ ප්‍රසිද්ධ සමාගම් 03ක් මෙහි ස්ථාපිත කර තිබෙනවා. තවත් සමාගම් පැමිණිමට බලාපොරොත්තුවෙන් සිටිනවා. රටේ ආර්ථික ස්ථාවරභාවය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගොස් මෙම වරාය නගරය ලෝක ප්‍රසිද්ධ මධ්‍යස්ථානයක් බවට පත් කර ගැනීමට කටයුතු කරමු.”

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan