නෙත්මිට රන් සටන මඟ හැරේ

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 06, (LNW) කොළඹ :

අවුරුදු 20 න් පහළ ලෝක මල්ලව පොර සූරතාවලියේ අවුරුදු 20 න් පහළ කාන්තා අවසාන තරගයට පිවිසීමට තිබුණු අවස්ථාව චීන ක්‍රීඩිකා ජින් ෂෑන්ග් හමුවේ අහිමි වුණා.ඉතා තරගකාරී තියුණු තරගයක් අවසානයේ ප්‍රතිපලය තාක්ෂණික වශයෙන් 2-2 ක් ලෙස සටහන් වූ අතර නමුත් තරගයේ අවසානයේ තරගයේ යෙදුණ අකාරය වර්ගීකරණය කරමින් ඉදිරියට යාමේ අවස්ථාව ජින් ෂෑන්ග් ට පිරිනැමුණා.
නෙත්මි මේ තරගාවලියේ දී තරග වැදුණු ආකාරය සළකා බලන විට ලෝකඩ පදක්කම සඳහා තරගයක් ඉතිරිව තිබියදී සිටින්නේ අපරාජිත ක්‍රීඩිකාවක් හැටියටයි.එය ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකා මල්ලව පොර ක්‍රීඩාවේ විශිෂ්ඨත්වය සම්බන්ධයෙන් තැබුණු ඉතිහාසයේ හොඳම සටහනයි.චීන ක්‍රීඩිකාව සමඟ පැවති තරගයේ දී ද නෙත්මි පළමු ලකණු 2 ලබා ගනිමින් හොඳ ආරම්භයක් ලබා ගැනීමට සමත් වූ අතර චීනයේ ජින් ෂෑන්ග් ලකුණු ලබා ගැනීම ආරම්භ කළේ ඉන් අනතුරුවයි.


පළමුවරට මෙවර තරගවලියේ දී නෙත්මිට තරග වඳින්නට සිඳු වුණේ කසකස්තානයේ යෙන්ගිලෙක් කැබිල්බෙක් සමඟයි.නෙත්මි එම තරගය ලකුණු 10 – 0 ක් හැටියටයි.ඇය දෙවනුවට පරාජය කළේ ලොව ඉහළම මල්ලව පොර සංස්කෘතියක් ඇති රටක් හැටියට පිළිගැනෙන බල්ගේරියාව නියෝජනය කරමින් තරග වැදුණ නිකොල් ක්‍රසිමර්නෝවා ය.එහිදී ලකුණු තත්ත්වය සටහන් වූයේ ද 10 – 0 ක් ලෙසයි.
චීන ක්‍රීඩිකාව හමුවීමට පෙර ඇයට හමු වු‍යේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල නෙත්මිගේ බර කාණ්ඩයේ සිටින අවුරුදු 20 න් පහළ අංක එකේ ක්‍රීඩිකාව ලෙස සැළකෙන හංගේරියාවේ ලිලියානා කපුවාරි යි.ඇය සමඟ වූ තරගය නෙත්මි ජයගත්තේ 14 – 3 ක් ලෙසයි.


මේ දක්ෂතා නිසා චීන ක්‍රීඩිකාව හමුවීමට නෙත්මි සිටියේ එම තරගයේ තීරණය අනුව අවසාන මහා තරගයට පිවිසීමේ බලාපොරොත්තුවෙන් වුව ද,ඉතාමත් අවාසනාවන්ත ලෙස නෙත්ම ක්‍රීඩා රටාව වර්ගීකරණයේ දී පසුබෑම යන කරුණ පදනම් කරගෙන පරාජයට පත් වුණා.
නෙත්මි මෙන්ම නිපුනි වාසනා ධර්මදාස ද මේ තරගාවලියට එක් වී සිටි අතර,නිපුනි කිලෝ ග්‍රෑම් 50 බර පංතියෙන් තරගයට පිිවිසුන ද,ඇය ට සිඳූ වූයේ ලකුණු 4-2 ක් ලෙස සිය පළමු තරගයෙන් ස්පාඤ්ඤයේ මාරියා කැසල්ලා ටොරස්ට පරාජය වීමටයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ අයවැය : මාලිමාවට හේත්තු වුණු බුහාරිගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම වළකමින් උසාවි නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ මහ නගරසභාවේ අයවැය සඳහා දෙවැනි...

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...