ආයුර්වේද විද්‍යාවට ජනපතිගෙන් නව පණක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 , කොළඹ (LNW):

ආයුර්වේද විද්‍යාවට වෛද්‍ය විද්‍යාවක් ලෙස පිළිගැනීමක් ලබාදීම තම අරමුණ බවත් එම කටයුතු වෙනුවෙන් ආයුර්වේදය පිළිබඳ ජාතික සභාවක් පිහිටුවීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි,

පස් වසරක සැලැස්මක් තුළින් අයුර්වේද සහ පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමයේ උන්නතිය සඳහා පියවර ගන්නා බව පැවසු ජනාධිපතිවරයා මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ද අයුර්වේද ක්‍රමය උපරිමයෙන් යොදා ගැනීමට පියවර ගන්නා බව ප්‍රකාශ කර සිටියේය .

අද (06) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති දේශීය වෛද්‍ය සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය වෙනුවෙන් පාරම්පරික, ආයුර්වේද, සිද්ධ, යුනානි, හෝමියෝපති වෛද්‍යවරුන් දේශීය ඖෂධ නිෂ්පාදකයන්, අපනයනකරුවන්, කර්මාන්තකරුවන්, වෙළෙඳසැල් හිමියන් ඇතුළු දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ එකමුතුවෙමින් මෙම සමුළුව සංවිධානය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...