ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පෙර ‘චොකා මල්ලි’ රට ගිය හැටි…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06, කොළඹ LNW :

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට විදෙස් ගමන් තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවේ ඉකුත් සිකුරාදා දිනයේදීය. එහෙත්, එම නියෝගය ආගමන විගමන බලධාරීන් වෙත ලැබීමටත් පෙර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අනාවරණය කරගෙන ඇත්තේ ඔහු දැනටමත් මෙරටින් බැහැරව ගොස් ඇති බවයි.

මරණ දඬුවම, නිදහස් වීම සහ නැවත විවෘත වූ නීති මාවත

මෙම නඩුව මෙරට දේශපාලන හා නීති ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්වූවකි. 2015 ජනාධිපතිවරණ සමයේ රත්නපුර, කහවත්ත ප්‍රදේශයේ දේශපාලන රැස්වීමකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර මහතාට රත්නපුර මහාධිකරණය මගින් මරණ දඬුවම නියම විය.

කෙසේ වෙතත්, අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ අභියාචනයක ප්‍රතිඵලයක් ලෙස ඔහු ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කෙරිණි. එම නිදහස් කිරීම නීතියට පටහැනි බව පවසමින් අගතියට පත් පාර්ශවය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇපෑලක් ගොනු කිරීමත් සමඟ, වසා දමා තිබූ නීතිමය මාවත නැවතත් විවෘත විය. මෙම අභියාචනා පෙත්සම යනු යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලියේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ සොයාබැලීම් වලදී තවත් වැදගත් තොරතුරක් අනාවරණය වී ඇත. එනම්, ප්‍රේමලාල් ජයසේකර මහතා විදේශගත වී ඇත්තේ නැවත මෙරටට පැමිණීම සඳහා වන ගුවන් ප්‍රවේශපත් ද වෙන්කරවා ගැනීමෙන් පසුව බවයි.

මෙම අභියාචනා පෙත්සම සලකා බලනු ලැබුවේ අගවිනිසුරු ප්‍රීති පත්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි. විදෙස් ගමන් තහනමට අමතරව, අධිකරණය විසින් තවත් වැදගත් නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව, ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනාට ඔක්තෝබර් මස 21 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කෙරිණි. එදිනට ඔවුන් අධිකරණය හමුවේ පෙනී සිටින්නේද, නැතහොත් මෙම විදේශගත වීම නීතිය මඟහැරීමේ දිගුකාලීන සැලසුමක්ද යන්න එදිනට තහවුරු වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...