මනෝ උපදේශිකාව ඝාතනය කළ හැටි

Date:

තලංගම පැලවත්ත ප්‍රදේශයේ හෝටල් කාමරයක අබිරහස් අන්දමින් ඝාතනය කර සිටි මනෝ උපදේශිකාවකගේ සිරුර තලංගම පොලිසිය මගින් සොයා ගත්තේ පෙරේදා (4)වන දින උදෑසනයි.පොලිසිය සැකකරන්නේ ගෙල සිරකිරීමෙන් මෙම මනෝ උපදේශිකාව ඝාතනය කරන්නට ඇති බවයි.

ඝාතනයට ලක්වූ 53 හැවිරිදි සුජාතා මුණසිංහ මානාභරණ මහත්මියගේ ගෙල වටා නයිලෝන් ලණුවක් තිබී සහ ඇගේ ගෙල සිරකළ බවට සලකුණු රැසක් තිබෙන බව ද පොලිසියට අනාවරණය වී ඇත.සුජාතා මුණසිංහ මහත්මිය තවත් පුද්ගලයකු සමග දින 05 ක් තිස්සේ මෙම හෝටල් කාමරයේ නවාතැන්ගෙන සිට ඇත.

ඔවුන් එම කාලසීමාව තුළදී රාත්‍රි කාලයේ මෙම හෝටල් කාමරය වෙත පැමිණෙන බවද රැය පහන් වනතුරු එහි රැඳී සිටින බවද විමර්ශනවලින් හෙළිවී තිබේ.සිරුර සොයා ගත් දිනයේදී උදෑසන මෙම කාමරයේ දොර විවෘත නොකිරීම නිසා හෝටල් සේවකයන් එය විවෘත කර බැලීමේදී සුජාතා මුණසිංහ මහත්මිය මියගොස් සිටීම නිසා ඔවුන් තලංගම පොලිසිය වෙත දැනුම් දී තිබුණි.

පසු එහි පැමිණි පොලිස් නිලධාරීන් අපරාධ ස්ථාණිය පරික්ෂන නිළධාරීන් විමර්ශන ආරම්භ කර තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇත.මෙම හෝටලයේ සීසීටීවී කැමරා සවිකර තිබුණ ද කාලයක සිට ඒවා අක්‍රියව පැවැති බව පොලිසිය පවසයි.සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් අනතුරින් බටහිර ඇෆ්ගනිස්ථානයේ අහිමි වූ ජීවිත ගණන 73ක්: 17 ක් කුඩා දරුවන්

රෂිකා හෙන්නායක අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කාබුල් බලා යමින්...

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සංස්ථා ලුණු මිල පහළට!

කොළඹ LNW:ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු...

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...