*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

තාරුණ්‍යය මුල්කර ගත් දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක්. උගත්, බුද්ධිමත්, ආදායමෙන් සවිබල ගැන්වුණු නව මැද පන්තියක් – සජිත්

සටහන – රුවන් නෙළුගොල්ල

ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයෙන් තොරව තරුණයන් වෙනුවෙන් ජන සමාජයේ නිදහස් නිවහල් ප්‍රජාතන්ත්‍රවාදී ජීවිතයක්, අභිමානවත් ජිවිතයක් හිමිකර දෙන බවත් රටේ ප්‍රතිපත්ති සම්පාදන වැඩසටහනේ පෙරමග ගමන්කරුවන් බවට තරුණයන් පත් කර වර්තමානයේත් අනාගතයේත් වගකීම බාර ගන්නා නායකයන් බවට ප්‍රවේශ වීමේ ඉඩ ප්‍රස්ථාව ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොළඹ දී සමගි ජන බලවේගයේ තරුණ ප්‍රඥප්තිය එළිදැක්විමේ අවස්ථාවට එක්වෙමිනි.

මිලියනයක් නව ව්‍යවසායකයන් නිර්මාණය කර සෑම තරුණයෙකුටම තරුණියකටම දක්ෂතාව හැකියාව කුසලතාව හා නිපුණතාව තුළ ව්‍යවසායකයකු ලෙස ජන සමාජයේ ක්‍රියා කළ හැකි නම්, දරාගත හැකි පිරිවැයකට ප්‍රාග්ධනයට ප්‍රවේශය ලබා දෙන බවත් ව්‍යවසායකයන් දශ ලක්ෂයක් නිර්මාණය වන විට ආර්ථික වර්ධනයේ ප්‍රගතියේ හා සංවර්ධනයේ කොටස්කරුවන් හා නායකයන් බවට තරුණයන් පත්වන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

තාරුණ්‍යය මුල්කර ගත් දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක්

මේ ගමන තුළ දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනගන ගමන තුළ ඉන්දියාවෙන් බොහෝ දේවල් ඉගෙන ගන්න ඇති බවත් ඒ සඳහා ඉන්දියාවේ මෙන් වැදගත් අධ්‍යාපන ආයතන අප රටේ ද ස්ථාපිත කරන බවත් ඒ තුළින් උගත් බුද්ධිමත් ආදායමෙන් සවිබල ගැන්වී නව මැද පන්තියක් නිර්මාණය වන බවත් ඒ ගමන යාමට අපේ රටේ තරුණයන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන බවත් තරුණ සංවර්ධන මධ්‍යස්ථාන ඇති කරන බවත් ඒ තුළින් ඉංග්‍රීසි හා විදේශීය භාෂා දැනුම, පරිගණක විද්‍යාව, කෘතීම බුද්ධිය ඇතුළු නව තාක්ෂණ රැසක් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තරුණයන් වෙනුවෙන්ම වෙන් වූ ජනාධිපති කාර්යසාධන බලකායක්

මේ වන විට වරප්‍රසාදලත් අයට පමණක් හිමිව ඇති මේ දේවල් සියලු දෙනාට ම ලබා දී දැනුම කේන්ද්‍රීය ආර්ථිකයේ උගතුන් බුද්ධිමතුන් බවට පත් කිරීමේ නව සංස්කෘතියක් නිර්මාණය කර මේ තරුණ ප්‍රඥප්තියේ සදහන් සියලු ම ප්‍රතිපත්ති දින වකවානු සහිත ව ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා විශේෂ ජනාධිපති කර්ය සාධන බලකායක් බිහි කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

76 වසරක ඉතිහාසය වෙනස් කරලයි අද මේ තරුණයන් ඉදිරියේ පෙනී සිටින්නේ

තරුණ පරපුර වෙනුවෙන් ප්‍රඥප්තියක් ඉදිරිපත් කරන්නේ තරුණයන් රවටන්න, අන්දවන්න, මුසාවෙන් මුලාවෙන් ප්‍රෝඩාවෙන් තරුණයන් මංමුලා කර බලය ගැනීමට නොවන බවත් 76 වසරක ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ සියලු ම රට පාලනය කළ ආණ්ඩු, ජනාධිපතිවරු, අගමැතිවරු, මැතිඇමතිවරු මේ රටට සේවාවක් ඉටු කළේ රාජ්‍ය බලයක් සහිත ව බවත් මේ තරුණ ප්‍රඥප්තිය සුවිශේෂී වන්නේ මෙය මහපොළොවේ යථාර්ථය බවට පත් කිරීමේ පූර්ණ වගකීම බලයක් නොමැතිවම ඔප්පු කර ඇති නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම වෙන කිසිදු පාර්ශ්වයකට නොමැති පදනමක් සමගි ජන බලවේගයට ඇති බවත් බලයක් ඇතිව රටට කළ සේවාව වෙනස් කර ඉතිහාසයේ ප්‍රථම වතාවට බලයක් නොමැතිවත් රටට වැඩක් කළ විපක්ෂයක් ලෙස හුස්ම, සක්වල වැඩසටහන් හරහා රු. බිලියනයකට වැඩිය අගයක් රටේ පාසල් සහ සෞඛ්‍ය පද්ධතියට එකතු කළ බවත් විපක්ෂ නායකවරයා සිහිපත් කළේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan