රනිල්ව ජනාධිපති කළේ කවුද කියලා එයාට අමතක වෙලා. ඒකයි ප්‍රශ්නේ – මොහාන්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපති ධුරයට පත් කළේ කවුරුන් විසින්ද යන්න ඒ මහතාට දැන් අමතක වී ඇති බව රාජ්‍ය අමාත්‍ය තනතුරින් ඉවත් කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා පවසයි.

“මට මේ තනතුර දුන්නේ පක්ෂයෙන්. ඔයාටයි මටයි මතක තිබිලා වැඩක් නෑ, ජනාධිපතිතුමාටත් මතක තියෙන්න එපැයි ඕක, එයාව පත් කළෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණය කියන කාරණය. ඉතින් ඔන්න ඕක තමයි මූලික කාරණය. ඇත්තටම ජනාධිපතිතුමාට අමතක වුණා මේ රනිල් වික්‍රමසිංහ කියන තනි මන්ත්‍රීවරයා මේ රටේ ජනාධිපති ධුරයට පත් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන එක. අපි එක එක්කෙනා ඡන්දය පාවිච්චි කරලා නෙවෙයි. මමවත් සාගරවත් අපි වෙනම ඡන්දය පාවිච්චි කරා නෙවෙයි. ඒක අපේ පක්ෂයේ පොදු තීන්දුවක්. ඉතින් ජනාධිපතිතුමාට අන්න ඒක අමතක වෙච්ච එක තමයි ප්‍රශ්නේ”

මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට ඊයේ (06) පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඒ මහතා ඇතුළු නාමල් රාජපක්ෂ මහතාට සහාය දෙන රාජ්‍ය අමාත්‍යවරුන් සිව්දෙනෙකු තනතුරුවලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (05) පස්වරුවේ කටයුතු කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

දයාසිරි පාර්ලිමේන්තුවේදී හෙළි කළ පාවෙන අවි ගබඩා කතන්දරේ…

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : පාවෙන අවි...

ලක්ෂ ගණනක් පලස්තීන ජාතිකයින් ගාසාව හැර පලා යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා මෙහෙයුම්...

“හිමකැටි ආදරය” ජනගත වූ දා….

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : අනුර හෑගොඩයන් විසින්...