*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

NPP ප්‍රතිපත්ති ප්‍රකාශනයම පිටු 232ක්.ඒත් වෙනසක් නැහැ.වෙනස කරන්නේ අපි!

කොළඹ LNW:අනුර කුමාර දිසානායක ද අද ආණ්ඩුව යන මග යමින් අපනයන ආර්ථිකයකට යොමුවන බව පවසන විට සුනිල් හඳුන්නෙත්ති ආනයන ආර්ථිකයේ සිටිය යුතු බව ප්‍රකාශ කරන බව පැවසු ජනාධිපතිවරයා මෙම පරස්පර විරෝධී ප්‍රකාශ පිළිබඳ ජාතික ජන බලවේගය රටට පැහැදිළි කළයුතු බව සඳහන් කළේය.

ජාතික ජන බලවේගය වෙනසක් කරන බව කියමින් රට මුලා කළද පිටු 232ක් වූ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ වෙනසක් ගැන කිසිදු සඳහනක් නොමැති බවත් ඔවුන් සිදු කරන බව පවසන වෙනස “හිස්” බවත් ජනාධිපතිවරයා පැවසුවේය.

එහෙත් රටට අවශ්‍ය දේශපාලන, ආර්ථික හා සමාජ වෙනස කරන එකම වැඩසටහන “පුළුවන් ශ්‍රී ලංකා” වැඩසටහන බවටයි වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ.

ජනාධිපතිවරයා මේ අව පැවසුවේ ඊයේ (06) මොරවකදී පැවති පුළුවන් ශ්‍රී ලංකා මහජන රැළිය අමතමිනි.

”අපි මේ කටයුතු සිදු කරන විට මගේ මිත්‍ර අනුර කුමාර දිසානායක මහතා සැපැතැම්බර් 04 වනදා කැළණියේ දී ප්‍රකාශ කර තිබෙනවා “අපේ මිලියන 3.8ක මාර්කට් එකෙන් අපට යන්න බැහැ. මේ මාර්කට් එකෙන් එළියට අපි යන්නේ නැහැ. ඒ නිසා අපි මේ කර්මාන්තකරුවා සහ ව්‍යවසායකයා එළියට ගෙන යාම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරනවා” කියලා. ඒ කියන්නෙත් අපනයන කර්මාන්තයේ රැදෙන්න කියලයි. අනුර දිසානායක මන්ත්‍රිතුමා අප යන මාර්ගයේ යන එක හුඟක් හොදයි. නමුත් එක ප්‍රශ්නයක් තිබෙනවා. ඔබේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙනවා නිදහස් වෙළෙඳ ගිවිසුම් අහෝසි කරනවා කියලා. අපනයනය කරන්න නම් නිදහස් වෙළෙඳ ගිවිසුම් තිබිය යුතුයි. අනුර කියනවා අපනයන ආර්ථිකයකට යනවා කියලා. පක්ෂය ඒකට දම්වැලක් දමා තිබෙනවා. මේ රටේ අපනයන ආර්ථිකයක් ඇති කිරීම වෙනුවෙන් මම ආර්ථික ප්‍රවර්ධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒකට විරුද්ධව සුනිල් හදුන්නෙත්ති මහතා සහ ඒ අයගේ ආර්ථික උපදේශක හර්ෂන සුරියප්පෙරුම නඩුවක් දාලා කියනවා “ආනයන ආදේශක නොසලකා හැරීමට ලක් කරන අපනයන ආයෝජනා මත පදනම් වූ ආර්ථිකයක් සදහා වැඩි වශයෙන් අනුග්‍රහය දක්වන අතර එය ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ තුන්වන සහ හතරවන වගන්තිවලට පටහැනියි කියලා.

අනුර කියනවා අපි අපනයන කර්මාන්තයට යනවා කියලා. හඳුන්නෙත්ති කියනවා බැහැ ආනයන කර්මාන්තයේ සිටිය යුතුයි කියලා. ඒ වගේම විදේශ ආයෝජකයන්ව පැත්තකට දාන්න කියලා ඔවුන් කියනවා. මෙහෙම සළකන විට ඔවුන් එයිද, ඒ නිසා අනුර දිසානායක මහතා මේ පරස්පර විරෝධි කරුණු අපට පැහැදිළි කළ යුතුයි. අද ජනතා විමුක්ති පෙරමුණ එක පැත්තකට යනවා. ජාතික ජන බලවේගය තව පැත්තකට යනවා. මාලිමාවට කොයි පැත්තට කැරකෙන්නද යන්නේ කියලා හිතාගන්න බැහැ.

ජාතික ජන බලවේගය කියනවා වෙනසක් ගේනවා කියලා. ඔවුන් කරන වෙනස මොකක්ද කියලා මම අහනවා. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිටු 232 කියවූ විට කිසිම වෙනසක් නැහැ. වෙනස කරන්නේ අපියි. රටේ ආර්ථිකය වෙනස් කර අපනයන ආර්ථිකයකට අපි යනවා. අපි මේ රටේ ජනතාව ලක්ෂ 20කට “අයිතිය” ලබා දෙනවා. එයයි වෙනස. අපි නව අධ්‍යාපන වැඩසටහන් ගෙනාවා. පාර්ලිමේන්තුවේ කන්තා හා තරුණ නියෝජනය ගෙන ආවේ අපියි. පළාත් සභා සහ ප්‍රාදේශීය සභා සඳහාද එය ගෙනවිත් තිබෙනවා. එපමණක් නොවෙයි ජන සභා ඇති කර කාන්තා හා තරුණ නියෝජනය වැඩි කර තිබෙනවා. පුද්ගලයන් ලක්ෂයක් එකතුව පෙත්සමක් අත්සන් කර එව්වොත් පාර්ලිමේන්තුවේ එම විෂය වාද කරන්න පුළුවන් තත්ත්වයක් අපි ඇති කර තිබෙනවා. මේවයි වෙනස්කම්. ඒ හැර වෙනස “හිස්” නම් වෙනස් කරනවා කිව්වට වැඩක් නැහැ.” යනුවෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan