නෙත්මිගෙන් ශ්‍රී ලංකාවට තවත් ඓතිහාසික ජයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 06, (LNW) කොළඹ :

ලාංකේය මල්ලව පොර කේෂ්ත්‍රයේ එදා මෙදා තුර බිහි වූ විශිෂ්ඨතම තරුව තමා බවට යළිත් තහවුරු කළ නෙත්මි අහිංසා පළමු වරට අවුරුදු 20 න් පහළ කාන්තා මල්ලව පොර සූරතාවලියේ දී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දෙන්නට සමත් වූවාය.ඒ ශ්‍රී ලංකාවේ මල්ලව පොර කේෂ්ත්‍රයේ ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් ලෝක සූරතාවලියකදී දිනා ගත් පළමු පදක්කම ලෙස පදක්කමේ වර්ණය ලෝකඩ වුව ද,නෙත්මිගේ නම රන් අකුරෙන් ශ්‍රී ලංකා මල්ලව පොර ඉතිහාසයේ ලියවෙන ජයග්‍රහණයක්ය.


ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ලියාපදිංචි ක්‍රීඩාවක් බැවින් මෙම තරගාවලියට රුසියාව සහ බෙලරුසියාවට සිය රටේ ධජය යටතේ සහභාගි වීමට අවසර නැති අතර,එරට පවතින ක්‍රීඩාවේ පරිපාලන ඒකක සහ ඔලිම්පික් කමිටුව හරහා නිදහස් ස්වාධීන ක්‍රීඩකයෙක් ලෙස ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි සඳහා සහභාගි වීමට අවස්ථාව ඇත.ඒ අනුව නෙත්මි ලෝකඩ පදක්කම වෙනුවෙන් ලකුණු 6-2 ක් ලෙස පරාජය කළ බෙලරුසියානු ක්‍රීඩිකා වැලේරියා මිකිට්සිච් ද මේ තරගාවලියට සහභාගි වූයේ ස්වාධීන ක්‍රීඩිකාවක ලෙසය.

(Individual Neutral Athletes – AIN)
නෙත්මි මේ තරගාවලියේ අපරාජිත වාර්තාවක් තබා ගන්නට හැකි වීම ඇයගේ අනාගත ජයග්‍රහණ පිළිබඳව මේ රටේ ක්‍රීඩා බලධාරීන්ට අලුතින් සිතන්නට බොහෝ දේ ඉතිරි කරනු ඇත.ඇය මේ තරගාවලියේ දී සිය බර පංතියේ රන් පදක්කම දිනූ චීනයේ ජින් ෂෑන්ග් සමඟ වූ තරගය නිමා කළේ 2-2 ක් ලෙසය.තරගයේ යෙදුණ නැතිනම් එහි දී වඩාත් කැපී පෙනීම යන වර්ගීකරණය මත ජින් ට ජයග්‍රහණය හිමි වුව ද,ලකුණු සටහන දැක්වෙන්නේ 2-2 ක් ලෙස ජය පැරදුම තීරණය නොවුණු සටනක් ලෙස ය.

රන් පදක්කම්ලාභි ජින් අවසාන තරගයේ දී ස්පාඤ්ඤයේ කාර්ලා ජවුමි සොලර් 4-0 ක් ලෙස පරාජයට පත් කරන නමුත් ඇයට තාක්ෂණිකව ලබා ගත හැකි ලකුණුවලින් අභිබවා යා නොහැකි වූයේ නෙත්මි පමණි.ඒ අනුව ගත් කළ මෙම බර පංතියේ අපරාජිත ක්‍රීඩිකාවන් ලෙස ජින් පමණක් නොව නෙත්මි ද රැදී උන්නාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...

වවුනියාව විශ්වවිද්‍යාලයේ Technology Incubation Centre විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ විද්‍යා...

මානසික පීඩාවන්ගෙන් පෙළෙන වැඩිහිටියෙකු බිහිවන්නේ ඇයි?

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වැඩිහිටි...

2025 ආසියා බර්ලින් සමුළුවේදී ශ්‍රී ලාංකික නවෝත්පාදනයන් විශ්මයට පත් කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : 2025 ආසියා බර්ලින්...