ජනපති ‘DP Education’ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 07, කොළඹ (LNW):

පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා විසින් , මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය ගැටබරුව විහාරස්ථානයේ පවත්වාගෙන යනු ලබන ‘DP Education’ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්වී ඇත .

ඒ, ඊයේ මාතර දෙනියාය ප්‍රදේශයේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලියට සහභාගීවීමෙන් අනතුරුව බව පැවසේ.

එහිදී එම ආයතනයේ අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් සිටි සිසු දරුවන් සමඟ සුහද පිළිසඳරක නිරත වූ බව සඳහන් වේ.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා ආයතනයේ පරිපාලන අධිකාරිය සමඟ ද සුහද සාකච්ඡාවක නිරත වී ඇති අතර , එහි දී රනිල් වික්‍රමසිංහ මහතා පරිගණක සහ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයේ අවශ්‍යතාව පිළිබඳ මෙහිදී සිසු දරුවන්ට පැහැදිළි කිරීමට කටයුතු කර ඇත.

එමෙන්ම එහි අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නංවාලීම සඳහා එම ආයතනයට අවශ්‍ය සහාය ලබාදීමට ද කැමැත්ත පළ කළ බවට තොරතුරු වාර්තා වාර්තා වේ.

එසේම රටේ සෑම ප්‍රදේශයකම මෙවැනි අධ්‍යාපන ආයතන පවත්වාගෙන යාමේ වැදගත්කමද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලු‍න් සිව්දෙනා ලබන 26 තෙක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW : පසුගියදා සැකපිට...

ඉදිරි වසර 05ක කාලය තුළදී මෙරට නිවාස අවශ්‍යතාව සපුරාලීමට සැලසුම්!

කොළඹ LNW:මෙරට නිවාස අවශ්‍යතාව ඉදිරි වසර 05ක කාලය තුළදී...

රටේ ක්‍රිකට් ගැන සැබෑ කියවීමක් වෙමින් කාන්තා ක්‍රිකට් සූරතාව නාවික හමුදාව දිනා ගනියි

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: පළමු පෙළ කාන්තා සීමීත පන්දුවාර...