වසරේ ප්‍රබලම කුණාටුව වන සුපර් ටයිෆූන් යාගි චීනයට පහර දේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු පිලිපීනයේ පුද්ගලයින් 16 දෙනෙකු මරු කැඳවමින් මේ වසරේ ආසියාවේ ප්‍රබලම කුණාටුව ලෙස වර්ධනය වූ සුපර් ටයිෆූන් යාගි ඊයේ(06)දිනයේ චීනයේ හයිනාන්හි වෙන්චැං නගරයට පහර දී තිබේ.

පැයට කිලෝමීටර 234ක ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් සහ අධික වර්ෂාව සමඟ පැමිණි යාගි 2014 වසරේ සිට හයිනාන් ප්‍රදේශයට ගොඩ බසිනා ලද දරුණුතම කුණාටුව වේ.

කුණාටුව පැමිණීමත් සමඟ රටේ දකුණේ මිලියනයක පමණ ජනතාවකට තම නිවෙස් හැර ගොස් ඇති අතර යාගි පැමිණ පැයකට වැඩි කාලයක් ගිය පසු පළාතේ නිවාස 830,000කට පමණ විදුලිය ඇනහිටී බව නිල පුවත් ඒජන්සිය Xinhua වාර්තා කර තිබේ. සුළි කුණාටුව දැනටමත් හොංකොං, මැකාවු සහ ගුවැන්ඩොං පළාතේ පාසල්, ව්‍යාපාර සහ ප්‍රවාහන සම්බන්ධතා මෙන්ම වියට්නාමයේ ගුවන් තොටුපලවල් වසා දමා ඇති අතර එය සති අන්තයේ එහි ගමන් මඟ ලාඕසය වෙත වෙනස් වනු ඇති බව අපේක්ෂා කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිලීප පීරිස් රනිල්ගේ නීතීඥවරයකුගේ කනිෂ්ඨයෙකු සමග හදිසියේ තිරුපති ගිහින් ?

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මීට දින කිහිපයකට...

ඇතැම් ප්‍රදේශවලට මිමී 50ක පමණ තරමක් තද වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 26) දිනයේදී උතුරු, උතුරු-මැද,...

ගින්නෙන් උපන් සීතල 2 අධ්‍යක්ෂණයට ප්‍රසිද්ධ දේශපාලනඥයින් තිදෙනෙක් ???

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...