*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

අපේ රටේ ජනතාවට බොරු පොරොන්දු දීලා රවට්ටන්න බැහැ – ලාන්සා

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 07, කොළඹ (LNW):


ආර්ථිකයෙන් පිට පැනලා ජනතාවට බොරු පොරොන්දු ලබා දී මේ රට ගොඩනැංවිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය.

නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ “රනිල්ව කියවන්න” දීප ව්‍යාප්ත ප්‍රචාරක වැඩසටහන යටතේ කොළඹ ගාලුමුවදොර පැවති වැඩසටහනකට එක් වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා,

“අද ලංකව පූරා දිස්ත්‍රික්ක 22 ක ආසන 160 හා ගම් හා විදී 53,000 ක් ආවරණය වන පරිදි ගෙයින් ගෙට ගොස් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය බෙදා දීමට කටයුතු කරනවා. ලංකාව පුරා සියලුම නිවාස වල ජනතාවට රනිල් වික්‍රමසිංහ මහතාගේ රට ගොඩනගන ප්‍රතිපත්ති ප්‍රකාශය කියවීමට හැකියාව ලැබෙනවා. මේ මැතිවරණය ඉතාම තීරණාත්මක මැතිවරණයක්. විශාල ආර්ථික පසුබෑමක් තියෙන වෙ‍ලාවක මේ රට බාර ගන්න බැහැ කියලා පැනලා යද්දි තනි මන්ත්‍රීධුරයක් තිබුන රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගෙන ආර්ථික ස්ථාවරයක් ගොඩනගලා තියෙනවා.

මේ ස්ථාවර තත්ත්වයට හදපු රට, ආර්ථිකය නැවත වට්ටන්න අපිට පුලුවන් කමක් නැහැ. රට මේ විදියට අරගෙන යනවා. මේක ස්ථාවරව අරන් යන්න පුලුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතායි. එතුමට විශාල අද්දැකීමක් තියෙනවා. ජාත්‍යන්තර සබඳතා තියෙනවා. ඒ නිසා එතුමට සමකළ හැකි අපේක්ෂකයෙක් මේ ඉල්ලන අපේක්ෂකයන් අතර නැහැ. ලබාගත් ආර්ථික ස්ථාවරය ඉදිරියට ගෙනියන්න රනිල් වික්‍රමසිංහ මහතාට ජන්දය ලබාදෙන්න ජනතාව තීරණය කරලා තියෙනවා. 22 වෙනිදා රටේ ජනතාවගේ වැඩි ජන්දයකින් නැවත ජනාධිපතිධූරයට පත් වෙනවා.

මේ රටේ මිනිස්සු දන්නවා කළගුණ සලකන්න. මිනිස්සුන්ට විදුලිය, ඉන්ධන, බෙහෙත්, පොහොර, පාසල් වැහිලා තියෙද්දි මේක භාර අරගෙන රට යථා තත්ත්වයට පත් කරපු මේ නායකයාට කලගුණ සලකන එක හෘද සාක්ෂියට අනුව කළ යුතු දෙයක්. සැප්තැම්බර් 21 ජනතාව පෝලි‍මේ ගිහින් ජන්දය දීලා රනිල් වික්‍රමසිංහ මහතාව දිනවනවා.

මේ රටේ ජනතාව කියන්නේ රනිල් වික්‍රමසිංහට හැර මේක වෙන කාටවත් කරන්න බැහැ කියලා. ඔය ඉල්ලන කිසිම කෙනෙක් මේ රටේ කිසිම දෙයක් කරපු අය නෙමේ. රස්සාවක්, ව්‍යාපාරයක් නොකරපු අනුන්ගේ අඩුපාඩු කියන අය. රනිල් වික්‍රමසිංහ මහතාට සම කරන්න නෙමේ ලංකරන්න පුලුවන් නායකයෙක් නැහැ. අනුර කුමාර, රනිල් වික්‍රමසිංහට මහතාට ලං කරන්න බැහැ. ජාත්‍යන්තර සබඳතා, ආර්ථික දැනුම, පළපුරුද්ද, කළ පුරුද්ද නැහැ. සජිත් මහත්තයට ජාත්‍යන්තර සබඳතා, කල පුරුද්ද නැහැ. ව්‍යාපාරයක්, රැකියාවක් කරලා නැහැ. ඒ නිසා රනිල් වික්‍රමසිංහට මහතාට ලං කළ හැකි කිසි කෙනෙක් නැහැ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිවිසුම එක්ක අපි බැදිලා ඉන්නවා. ඕන දෙයක් කරන්න පුලුවන්. කරන්න ඕනේ තුලනය කරගෙන. සියලු දේ වැඩි කරලා ගන්න, ආදායම අඩු කරලා රටක් පාලනය කරන්න බැහැ. ඔය දෙන්නම් කියන අය කියන්න ඕනේ එහෙම කරනවනම් කොහොමද කරන්නේ කියලා. ආර්ථිකය හදාගෙන එන නිසා ඒ මත සහන දෙනවා කියලා ජනාධිපතිතුමා කියලා කියනවා. ආර්ථික‍යෙන් පිට ගිහිල්ලා බොරු පොරොන්දු දීලා මේ රට කරන්න බැහැ. රනිල් වික්‍රමසිංහ මහතා කරන දේ කියනවා. කියන දේ කරනවා. හැබැයි බලය නැති අයට ඕන තරම් බොරු පොරොන්දු දෙන්න පුලුවන්. මේ රටේ ආර්ථික මොඩලය ඕන පොඩි දරුවෙක් පවා දන්නවා. අපේ රටේ ජනතාවට බොරු පොරොන්දු දීලා රවට්ටන්න බැහැ.”

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan