හිටපු පොහොට්ටු මන්ත්‍රී මනම්පේරිට රැඳවුම් නියෝග

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්න රසායන ද්‍රව්‍ය තොගයක් මිද්දෙනිය, තලාව ප්‍රදේශයේ වළදමා තිබියදී සොයාගැනීමේ සිද්ධියට අදාළව අත් අඩංගුවට ගත් පියල් මනම්පේරි නමැත්තා දින 07ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අද (07) අවසර ලබාදී තිබේ.

ඒ, ඔහුව අද පෙරවරුවේ වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

පියල් මනම්පේරි රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන අතර බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔහුව ඉහත සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිත් ඉල්ලා අස්වෙයි !

ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික එයාර්...

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති ආර්යාවට මාස 20ක සිර දඬුවම් නියම කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු කොරියාවේ බලයෙන්...

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා...

දිට්වා ආපදාවෙන් උන්හිටි තැන් අහිමි වූ කඳුකර ජනතාව ඉන්න තැනක් ඉල්ලා කොළඹට එයි! (PHOTOS)

කොළඹ LNW: දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය...