ඊශ්‍රායල මාධ්‍යවේදියකු වෙඩි තබා මරුට – යුක්තිය ඉල්ලා ජනතාව වීදි බසී!

Date:

ඊශ්‍රායලයේ බ්ල්ද්ත්නා (Bldtna) පුවත් අඩවියේ ප්‍රධාන කතෘ මාධ්‍යවේදී නිදාල් අග්බරියා වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වේ.
ඉකුත් ඉරු දින මෙම ඝාතනය සිදුකර ඇති අතර, උම් එල්-ෆහ්ම් හිදී සිය මෝටර් රථයේ සිටියදී පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්.

අරාබි ජාතික නිදාල්ගේ ඝාතනය හමුවේ ඊශ්‍රායල පොලීසිය කටයුතු කර ඇති අන්දම පිළිබඳව බරපතල විවේචන එල්ල වී ඇති අතර, මේ වන විට 200 පමණ වූ පිරිසක් උම් එල්-ෆහ්ම් පොලිස් ස්ථානය අසල රැස්වී ඔහුගේ ඝාතනයට යුක්තිය ඉල්ලා විරෝධතාවයේ නිරත වන බව ද ජෙරුසලම් පෝස්ට් පුවත් අඩවිය වාර්තා කරයි.

නිදාල් අග්බරියා ගේ ඝාතනය සිදුව ඇති ස්ථානයේ සිට ඔහුට අයත් බ්ල්ද්ත්නා පුවත් අඩවියේ මාධ්‍යවේදියකු වන හසාන් ෂලාන් පොලීසියට බැණවදිමින් ඔවුන් සිය රාජකාරිය නිසි අන්දමින් සිදු නොකළ නිසා මෙම ඝාතනය සිදුව ඇති බවට කෑ ගසන දසුන් ඇතුළත් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය වල සංසරණය වෙමින් පවතී.

“උඹලාට වැඩ කිරීමට අවශ්‍යතාවයක් නැහැ.. ඒ නිසා උඹලා උඹලා ගැනම ලැජ්ජා විය යුතුයි.. උඹලා අපරාධය වූ ස්ථානයට විත් පින්තූර ගනිමින් ඉන්නවා, නමුත් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ!”

ආවේගශීලී හසාන් ෂලාන් පොලීසියට බැණ වදිමින් පවසා සිටියේ එවැන්නකි.

නිදාල්ගේ පවුලේ සාමාජිකයන්ට ශෝකය පළ කරන, සිදුවීමෙන් කැළඹීමට පත් ඊශ්‍රායල මාධ්‍ය ප්‍රජාව පොලීසියට චෝදනා කරන්නේ නිදාල් ගේ ඝාතනය වළක්වා ගැනීමට පොලීසිය අසමත් වූවා පමණක් නොව ඔහුගේ ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට පවා පොලීසියට උනන්දුවක් නොමැති බවයි.

එමෙන්ම, මෙම මිනීමැරුමට අදාළ විමර්ශනයන් සිදුකොට වරදකරුවන් නීතිය ඉදිරියට ගෙනවිත් නිදාල්ට යුක්තිය ඉටු කිරීමට පොලීසිය වහා කටයුතු කළ යුතු බව ඊශ්‍රායල මාධ්‍යවේදීන්ගේ වෘත්තිය සමිතිය ප්‍රකාශ කර සිටියේය.

තවද, ඊශ්‍රායලය පුරා වසංගතයක් මෙන් ව්‍යාප්තව ඇති මිනීමැරුම් රැල්ල මැඬලීමට පොලීසිය වහා කටයුතු කළ යුතු බව ද ඔවුහු අවධාරණය කළහ.

Isuru Parakrama_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දේශපාලන පාපන්දුවක් කරගෙන රවටන්න එපා – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල අප රටේ ආර්ථික වර්ධනයට නිෂ්පාදන හා...

වැසි තත්වයේ යළි වෙනසක් – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 26) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ලක්ෂයක් අල්ලස් ගත් හිටපු ඉඩම් නිලධාරියෙකුට වසර 22ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් !

සටහන - රුවන් නෙළුගොල්ල තඹුත්තේගම මහවැලි කලාපයේ ඉඩමක ගසක් කපා...

බස් ගාස්තු 2.5% කින් අඩුකිරීමට කොමිසමේ අනුමැතිය. බස් සංගම්වල දැඩි විරෝධය

සටහන - රුවන් නෙළුගොල්ල බස් ගාස්තු 2.5% කින් අඩුකිරීමට ජාතික...