හරීන්ගේ කඳු කුදු වීමේ නිධාන කතාව (VIDEO)

ඊයේ (06) පැවති එක්සත් ජාතික පක්ෂයේ 76 වැනි සංවත්සර උත්සවයේදී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට “සබඳ අපි කඳු නොවෙමු” ගීතයේ පද වැරදීමෙන් සිදුවූ අකරතැබ්බයේ නිධාන කතාව “ද ලීඩර් ටීවී” විසින් අනාවරණය කර තිබේ.

ඒ අනුව එජාප සංවත්සර උත්සවයේ සංවිධාන කටයුතු සිදුකර ඇත්තේ හරීන් ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙනි. ඒ වගකීම දරමින් උත්සවයට පෙර දින ඉතාම කාර්යබහුලව සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ වේදිකා සූදානම් කිරීම ඇතුළු කටයුතු මෙහෙයවමින් සිටියදී හරීන්ට පණිවිඩයක් ලැබී ඇත්තේ ජනාධිපතිවරයාගේ සමරු කතාවට එස්. මහින්ද හිමියන්ගේ කවියක් ද අඩංගු වන බවට ය. ඒ අනුව තමන්ගේ කතාවටත් එවැනි යමක් එකතු කරන ලෙස හරීන් ප්‍රනාන්දු මහතා සිය සගයෙකුට දැනුම් දී ඇත. ඔහු එසැණින් ජනප්‍රිය සිංහල ටියුෂන් ගුරුවරයකුට ඇමතුමක් ලබාදී මේ ගැන විමසා ඇති අතර ඒ ටියුෂන් ගුරුවරයා නන්දා මාලිනී මහත්මියගේ “ඉදෙන්නට හැකි නම් බතක් වී” ගීතයේ කොටසක් සහ ගුණදාස කපුගේ මහතාගේ “සබඳ අපි කඳු නොවෙමු” ගීතයේ කොටසක් යෝජනා කර ඇත.

එම ගීත කොටස් දෙකෙන් සබඳ අපි කඳු නොවෙමු ගීතයේ කොටස අදාළ සගයා විසින් තෝරාගෙන කතාවට ඇතුළත් කර ඇති අතර කෙසේ හෝ කතාව කියවාගෙන යද්දී හරීන් අතින් කඳු කුදු වී තිබිණි. මෙය කතාව ලියද්දී සිදුවුණු අකුරු අතපසු වීමක් බවත් කියැවේ. හරීන් කඳු කුදු කරද්දී ප්‍රේක්ෂාගාරයට වී අසාගෙන සිටි කතාව ලියූ සගයා කුදු නෙවෙයි කඳු කඳු කියමින් දෑතින් කන්දක් හදා පෙන්වා ඇති අතර එය දුටු හරීන් තවත් අන්දුන් කුන්දුන් වී ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

මේ අතර තවත් කතාවකින් කියවෙන්නේ හරීන් සමාජ මාධ්‍ය අවධානය බලාපොරොත්තුවෙන් හිතාමතාම කඳු කුදු කළ බවකි. කෙසේවෙතත් කතාව අවසානයේ සිදුවුණු දේ විමසීමේදී හරීන් කියා ඇත්තේ “කොහොම වුණත් කමක් නෑ, වැඩේ හිට් වුණානෙ” කියා ලුය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...