ශ්‍රී ලංකාව කිරුළ රැක ගැනීමේ තවත් පියවරක් ජයග්‍රාහීව පසු කරයි

Date:

වරථමාන ආසියානු දැල්පන්දු සූරියන් වන ශ්‍රී ලංකාව කිරුළ රැක ගැනීමේ මාර්ගයේ තව දුරටත් මිය අපරාජිත බව රැක ගන්නට සමත්වෙමින් සිංගප්පූරුව ලකුණු 67 – 49 න් පරාජය කරන්නට සමත් වූවාය.තමන්ගේ රටේ ප්‍රේක්ෂකයන් මැද එයින් ලද උත්තේජනයද සමඟ තරග වැදි සිංගප්පූරුවට මුහුණ දීමේ දී ශ්‍රී ලංකාවේ පෙර දිනයේ පැවති අඩු පාඩු බොහෝ සෙයින් අඩු කරගෙන තිබීම කැපී පෙණින.

විශේෂයෙන් ශ්‍රී ලංකාවෙ ලකුණු යන්ත්‍රය වන තර්ජණී වෙත දුර සිට පන්දුව යොමු කිරීමේ දී සිදු වූ අඩුපාඩුකම් බොහෝදුරට මඟ හරවාගෙන තිබිණ.එසේම තර්ජණී ද, ඇය අතින් ස්පර්ශක වරදක් නොවන්නට තද සංයමයක් පවත්වාගෙන ක්‍රීඩා කිරීමද,ප්‍රශස්තය.මුල සිටම පාහේ තර්ජනී – දුලංගි සුසංයෝගය පවත්වාගෙන යාමට සෙසු ක්‍රීඩිකාවන්ගෙන් ලැබුණ සහය මෙන්ම චතුරංගි ජයසූරිය සහ ගයනි දිසානායක ශ්‍රී ලංකා දැල ආක්‍රමණය වළක්වමින් සිංගප්පූරු ආක්‍රමණයට කළ බලපෑමද ගත් විට හොඳ කණ්ඩායම් ක්‍රියාවලියක් දැක ගන්නට ලැබීම ද අගය කළ යුතුය.

තරගයේ දෙවන අර්ධය වඩාත් වේගවත් කිරීම නිසා සිංගප්පූරුව ද කාර්තුවක ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය වන 15 ක් ලබා ගත්තද,ශ්‍රී ලංකාවද ලකුණු 21 රැස් කරමින් එක් කාර්තුවක ලද වැඩිම ලකුණු පරතරය ලබා ගන්නට සමත් විය.

ප්‍රථම කාර්තුවේ ලකුණු 15 – 11 ක්,දෙවන කාර්තුවේ ලකුණු 21 – 15 ක්,තෙවන කාර්තුවේ ලකුණු 16 – 12 ක් සහ සිව්වන කාර්තුවේ ලකුණු 15 – 11 ක් ලෙස ද කාර්තු හතරම ඉදිරියෙන් සිටින්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.නමුත් හෙට පැවත්වෙන හොංකොං සමඟ තරගය පහසුවෙන් ගැනීමට ශ්‍රී ලංකාවට ඉඩක් නැත.අද ඔවුන් මැලේසියාවට එරෙහිව ලකුණු 55 – 46 ලෙස පරාජයට පත් වුව ද ඔවුන්ගේ ශක්තිමත් ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ සැළකිල්ලක් දැක්වීම ශ්‍රී ලංකා කණ්ඩායමට අපරාජිතව අවසාන තරගයට පිවිසීමට වැදගත්ය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...