*
Friday, March 29, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකා කණ්ඩායම හෑල්ලු කරපු අපේ මාධ්‍යවේදියාට ඉන්දීය නායකයා උගන්නපු පාඩම !

ඊයේ පැවති ඉන්දු – ශ්‍රී ලංකා 20/20 තරගයෙන් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගත් අතර එම ජයග්‍රහණය මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට කලකට අමතක නොවනු ඇත.

තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ඉන්දීය නායක රෝහිත් ෂර්මා ශ්‍රී ලාංකික මාධ්‍යවේදියෙකු විමසූ ප්‍රශ්නයකට ලබාදුන් පිළිතුර පිළිබඳව මේ වනවිට බොහෝදෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා.

දෙරණ මාධ්‍ය ජාලය නියෝජනය කරමින් තරගාවලිය ආවරණය කිරීම සඳහා ගොස් සිටින මාධ්‍යවේදියා ඉන්දීය නායකයාගෙන් විමසා සිටියේ, ‘පසුබෑමක් සහිතව තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ මෙවැනි පරාජයක් අත්විඳින්නට සිදුවේදැයි බලාපොරොත්තුවෙන් සිටියේද’ කියාය.

ඊට ප්‍රතිචාර දක්වමින් රෝහිත් ෂර්මා ප්‍රකාශ කළේ, ශ්‍රී ලාංකිකයන්ම තම කණ්ඩායම පිළිබඳව අවිස්වාසයක් ඇති කරගෙන තිබෙන්නේ මන්ද යන්න ගැටලුවක් බවයි. තම කණ්ඩායම තරගයකට මුහුණ දෙන්නේ කිසිදු කණ්ඩායමක් පිළිබඳව සැහැල්ලුවෙන් සලකා නොවන බවයි. සෑම කණ්ඩායමක්ම ප්‍රබල කණ්ඩායම් බවත්, ප්‍රතිවාදීන් අවතක්සේරු කිරීම කිසිසේත්ම සුදුසු නොවන බවත් ෂර්මා පවසනවා.

ප්‍රතිවාදීන් කවරෙක් වුවද තරග ජයග්‍රහණය කළ හැක්කේ තමන් දක්වන දක්ෂතා මත බවත්, ජයග්‍රහණය සඳහා ප්‍රතිවාදීන්ගේ දුර්වලතා පිළිබඳව විස්වාසය තැබීම භයානක බවත් ඔහු සඳහන් කරනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ පරාජයට පත්වීමට සිදුවීම පුදුමයක් නොවන බව පවසන රෝහිත් ෂර්මා වැඩිදුරටත් පවසන්නේ ඔවුන් ඉතා දක්ෂ කණ්ඩායමක් බවයි. එය පසුගිය තරග කිහිපය පුරා ඉතා හොඳින් දක්නට ලැබුණු බවත්, පසුගිය කාලයේදී ඇතැම් ඉන්දීය මාධ්‍ය පවා ශ්‍රී ලංකා කණ්ඩායම අවතක්සේරු කරමින් සිදුකළ ප්‍රකාශ තම කණ්ඩායම එතරම් සැළකිල්ලට ගත් නොගත් බවත් ඉන්දීය නායකයා පවසනවා.

UN

https://www.facebook.com/watch/?ref=external&v=1441241646397390

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan